දරු දෙදෙනාට අමානුෂික ලෙස පහරදුන් පියා අත්අඩංගුවට

302

බුත්තල – උඩගම ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු හයක් වයසැති දියණියකට සහ අවුරුදු හතරහමාරක් වයසැති පුතුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවන් දෙදෙනාගේ පියා බුත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

බීමත්ව නිවෙසට පැමිණෙන පියා තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිසිය මඟින් සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බුත්තල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර පියා වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ජේ. බණ්ඩාර මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment