දරු පස්දෙනා පාරේ අතරමං කර අම්මා පලා ගිහින්

552

* අනියම් ඇසුරක් තිබූ අයකු සමග ඇය ගොස් ඇති බව  පොලිසිය කියයි

වාරියපොල, අඹකඩවල ප‍්‍රදේශයේ අතුරු පාරක කුඩා දරුවන් 5 දෙනකු අතරමං කර දමා පලා ගොස් සිටින 37 හැවිරිදි මවක් අත්අඩංගුවට ගැනීමට වාරියපොල පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබේ.

වයස අවුරුදු 2, 4, 6, 8, 10 යන වයස්වල පසුවන දරුවන් අතරේ පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් දෙදෙනෙකු වන බව ද පොලිසිය කියයි.

පෙරේදා අඹකඩවල ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක කුඩා දරුවන් පස්දෙනකු සිටින බවට එම ප‍්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව එම ස්ථානයට ගිය වාරියපොල පොලිසියේ නිලධාරීන් එම දරුවන් සිය භාරයට ගෙන තිබේ. තම මව අදාළ අතුරු මාර්ගයට රැුගෙන විත් දමා පිටව ගිය බව වැඩිමල් දරුවන් පොලිසියට පවසා තිබේ. මෙම කාන්තාව අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයකු සමඟ

පලාගොස් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

දරුවන් සියලූදෙනා පරිවාස භාරයට පත් කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි. දරුවන් අතරමං කර දමා

පලාගිය මව සොයා විමර්ශන තවදුරටත් ක‍්‍රියාත්මකයි.

වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. එම්. ඞී. බී. තල්වත්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  නිරෝෂා වාසල
 

advertistmentadvertistment
advertistmentadvertistment