දරු ප‍්‍රසූතිය සිදුකළ තවත් මවක් කොරෝනාවට බිලි

218

යාපනය ශික්ෂණ රෝහලේදී දරු ප‍්‍රසූතියක් සිදුකළ තවත් මවක් කොරෝනා හේතුවෙන් පෙරේදා (15 දා* මියගොස් තිබේ.

යාපනයේ අලවෙඞ්ඩි ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක් වන සතීස්කුමාර් අබිනියා නමැති මෙම කාන්තාව දරු ප‍්‍රසූතිය ආසන්නයේදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම්කොට ඇති අතර ඇය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබේ. දරු ප‍්‍රසූතියෙන් පසුව ඇයගේ රෝගය උත්සන්න වී ඇය මියගිය අතර ප‍්‍රසූත කළ දරුවා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිතව පසුවේ. මියගිය කාන්තාවගේ මළසිරුර සෞඛ්‍ය නීති රීති වලට අනුව ඊයේ (16 දා* යාපනයේ පොම්මාවේලී ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment