දරු සම්පතක් සඳහා කළලයකට ජීවය ලැබෙන අයුරු

1751

අලූත විවාහ වූ යුවලක් කිසිදු උපත් පාලන ක‍්‍රමයක් භාවිතා නොකර ලිංගික සංසර්ගයේ යෙදුනද වසරක් ගතවනතුරුත් ගැබ් ගැනීමකට අපොහොසත් වන්නේ නම් ඔවුන් මදසරු යුවළක් ලෙස හැඳින්වේ.
 
 දරු සම්පත අපේක්ෂාවෙන් සිටින අඹු සැමි යුවලන්ට බටහිර වෛද්‍ය විද්‍යාව, සිංහල වෙදකම හෙවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ බලි තොවිල් ආදී විවිධාකාර ප‍්‍රතිකාර ක‍්‍රම භාවිතා වේ.
 
 මෙහිදී තාක්ෂණය අතින් ඉහළ බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි වැඩි දෙනකුගේ උනන්දුව ඇති වී තිබෙන්නේ එයින් කඩිනම් ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බැවිනි.
 
 දරු සම්පත අපේක්ෂාවෙන් සිටින අඹු සැමි යුවලක් දරු සම්පත උදාකර ගැනීම සඳහා ක‍්‍රම හතරක් භාවිතා කරයි.
 
 Daru Sampathak2

1. ලිංගික සංසර්ගය
 
 2. IUI ප‍්‍රතිකාර ක‍්‍රමය
 
 3. IVF නළදරු තාක්ෂණික ප‍්‍රතිකාර ක‍්‍රමය
 
 4. දරුකමට ළමයෙකු හදාවඩා ගැනීම (Adoption)
 
Daru Sampathak3 

ස්වභාවික ලිංගික සංසර්ගයේදී සාමාන්‍යයෙන් උපරිම ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැක්කේ 5% වැනි පිරිසකට වේ. නමුත් IUI ප‍්‍රතිකාරය වැනි, දියුණු තාක්ෂණික ක‍්‍රම ඔස්සේ මෙම ප‍්‍රතිශතය 15% දක්වා වැඩි කර ගත හැකිය.
 
 IUI ප‍්‍රතිකාර ක‍්‍රමය
 
 මෙහිදී සිදුවන්නේ පුරුෂයාගේ ශුක‍්‍රාණු ඉවතට ගෙන රාසායනාගාරයේදී එහි ගුණාත්මක බව වැඩිදියුණු කොට මියගිය ශුක‍්‍රාණු ෙසෙල ඉවත් කොට වඩාත් නිරෝගී ශුක‍්‍රාණු ෙසෙල සියුම් කැතීටරයක් භාවිතයෙන් කාන්තාවගේ යෝනි මාර්ගය හරහා ගැබ්ගෙල තුළින් ගර්භාෂයට ඇතුළත් කිරීමයි. මෙමඟින් ගැබ් ගෙල අවහිරතා මඟහැරෙන අතර ගර්භාෂය තුළ ඇති ස‍්‍රාවයන් නිසා ශුක‍්‍රාණු ෙසෙල මියයෑම අවම වේ. මෙය කිසිදු නිර්වින්දනයකින් තොරව සිදුකරන විනාඩියකටත් අඩු වේලාවක් ගත වන සරල ප‍්‍රතිකාර ක‍්‍රමයකි. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සිදුකිරීමට පෙර කාන්තාවගේ ඩිම්බ මේරීම සඳහා ඖෂධ ලබාගත යුතුවා සේම පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයකු ලවා ස්කෑන් පරීක්ෂණ මඟින් ඩිමිබ මේරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබිය යුතුය.
 
 එමඟින් සරු කලලයක් සෑදීමට අත්‍යාවශ්‍ය, ශුක‍්‍රාණුවක් හා ඩිම්බයක එක්වීම වඩාත් කාර්යක්ෂමව මෙම IUI ප‍්‍රතිකාරය මඟින් ලබා ගත හැක. මේ සඳහා රෝහලක නතර වී ප‍්‍රතිකාර ලැබීම අවශ්‍ය නැත. නිර්වින්දනයන් අවශ්‍ය නොවේ. කෙටියෙන් කියතොත් මෙය ශල්‍යකර්මයක් නොව වේදනාවක්ද නොදැනෙන විනාඩියකටත් වඩා අඩු වේලාවක් ගතවන සරල ප‍්‍රතිකාර ක‍්‍රමයකි. නමුත් මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයකු සහ ස්කෑන් පරීක්ෂණ සහිත IUI ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් අත්‍යවශ්‍යය. මෙහි සාර්ථකත්වය IUI ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ පවතින දියුණු තාක්ෂණික ක‍්‍රම සහ භාවිතා වන රාසායනික ද්‍රව්‍යවල ගුණාත්මකභාවය මත රඳා පවතී.
 
 IVF ප‍්‍රතිකාර ක‍්‍රමය
 
 මෙම IVF ක‍්‍රමයේදී සිදුවන්නේ කාන්තාවන්ගේ ඩිම්බ ශරීරයෙන් පිටතට ගෙන පුරුෂයාගේ ශුක‍්‍රාණු සමඟ රසායනාගාරයේදී එක් කොට පරීක්ෂණ නළයක් තුළ කළලයක් සාදා එම කළලයට වර්ධක මාධ්‍ය එකතුකොට යෝනි මාර්ගය හරහා ගැබ්ගෙල තුළින් සියුම් කැතීටරයක ආධාරයෙන් ගර්භාෂය තුළ තැන්පත් කිරීමයි. මේ සඳහා බොහෝ විට යොමුවන්නේ ආර්ථව චක‍්‍රය අවසන් වූ හෝ ඩිම්බ නිපදවීමේ හැකියාව අවසන් වයස්ගත වූ දරු සම්පත අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්, පැලෝපීය නාළ අවහිරතා ඇති කාන්තාවන් හා ශුක‍්‍රාණු ෙසෙල ඉතා අල්පව පවතින යුවලයන්ය. මෙය සිදු කරන ආකාර කිහිපයකි.
 
 IVF නළදරු තාක්ෂණික ප‍්‍රතිකාර ක‍්‍රම
 
 කළල බැංකුවකින් ගත් කලල තැන්පත් කිරීම
 
 මෙහිදී සිදුවන්නේ කළලය බැංකුවල ඇති වෙනත් පුරුෂයකුට හා කාන්තාවකට අයත් ශුක‍්‍රාණු හා ඩිම්බ එක් කොට සාදා ගන්නා කළල ගර්භාෂයෙහි තවත් කාන්තාවකගේ තැන්පත් කිරීමයි.
 
 සැමියා සහ බිරිඳගේ කළල තැන්පත් කිරීම
 
 (Own Egg IVF)
 
 ආර්ථව චක‍්‍රය තාමත් හො`දින් සිදුවන තම ඩිම්බවලින් කළලයක් සෑදීමේ හැකියාව තියෙන නමුත් නාළ අවහිරතා වැනි ප‍්‍රශ්න තියෙන කාන්තාවන්ට තමාගේ ඩිම්බ තම සැමියා ශුක‍්‍රාණු සමඟ විද්‍යාගාරය තුළදී එකතුකොට කළල සාදා එම කළල වෛද්‍යවරයකු මඟින් කැතීටරයක් ආධාරයෙන් තමාගේ ගර්භාෂය තුළ තැන්පත් කරගත හැක.
 
 වෙනත් කාන්තාවකගේ බිම්බ සහිත කළල තැන්පත් කිරීම (Donor Egg IVF)
 
 තම ආර්තව චක‍්‍රය අවසන් වූ කාන්තාවන්ට වෙනත් තරුණ කාන්තාවකගේ ඩිම්බ ලබා ගෙන තම සැමියාගේ ශුක‍්‍රාණු සමඟ විද්‍යාගාරය තුළ කළල සාදා එම කළල තම ගර්භාෂය තුළ තැන්පත් කරවාගෙන දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කළ හැකිය.
 
 ශුක‍්‍රාණු සහ ඩිම්බ පිටතට ගෙන සාදාගත් කළල  තැන්පත් කිරීම (ICSI)
 
 
 
 ශුක‍්‍රාණු ෙසෙල ඉතාම අල්ප පුරුෂයන්ගේ ශුක‍්‍රාණු
 
 පිටතට ගෙන බිරිඳගේ ඩිම්බද පිටතට ගෙන පරීක්ෂණාගාරයේදී වඩාත්ම නිරෝගී ශුක‍්‍රාණුව තෝරා එය ඩිම්බය තුළට විදීමෙන් සාදාගන්නා ලද එම කළලය බිරිඳගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීමයි.
 
 මෙම IVF ප‍්‍රතිකාර වර්ග ප‍්‍රධාන වශයෙන් මේවා වුවද මීට වඩා සුළු වෙනස්කම් සහිත විවිධ ප‍්‍රතිකාර වර්ගද තිබේ. මෙම එකිනෙක ප‍්‍රතිකාරවල සාර්ථකත්වය 50% පමණය.
 
 ලොව දියුණුම තාක්ෂණය වන නළ දරු තාක්ෂණයෙන් පවා ලබාගත හැකි උපරිම සාර්ථකත්වය 50% පමණ වන අතර, එම නළ දරු තාක්ෂණය හමුවේ පවා සියලූ ප‍්‍රතිකාරවලින් ආසාර්ථක වූ යුවලයන් අවසානයේ පෙළඹෙනුයේ කාගේ හෝ දරුවකු දරුකමට හදාවඩා ගෙන රැුකගැනීමයි.
 
 හේතුවක් සොයාගත නොහැකි සාඵල්‍යතාවය  (UNEXPLAINED INFERTILITY)
 
 අපට එදිනෙදා හමුවන දරුසම්පත අපේක්ෂාවෙන් සිටින බොහෝ යුවලවල් බටහිර වෛද්‍ය විද්‍යාවට අමතරව සිංහල වෙදකම, යුනානි, පංචකර්ම, බලිතොවිල්, කළු කුමාර දිෂ්ටි ආදී විවිධ ප‍්‍රතිකාර හමුවේ තම මුදල් හා වටිනා කාලය වැයකොට එම සියලූ ප‍්‍රතිකාර හමුවේ තම දරු සිහිනය බො`දවී සියලූ බලාපොරොත්තු සුන් වී කිසිවක් සිතාගත නොහැකිව අධික සිත් තැවුලෙන් තම ජීවිතයේ උතුම්ම සම්පත තවදුරටත් යදිමින් කල් යවයි.
 
 බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙම කොට්ඨාසය හැඳින්වෙන්නේ Unexplained Infertility ලෙසය. එනම් මදසරුභාවයට නවීන විද්‍යාවෙන් හේතු පැහැදිලි කළ නොහැකි යුවලයන්ගේ ගැටලූය.
 
 දරුවකු මව්කුස පිළිසිඳ ගැනීම, විද්‍යාව කොතෙක් දියුණු වුවද විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි සියුම් වූ ඇසට නොපෙනෙන මානයක්ද මේ තුළ ගැබ් වී තිබේ. එනම් දරුවන් මවු කුස තෝරා ගන්නේ දෙමාපියන් මෙන්ම දරුවාගේ පිණ පව අනුවය. එසේ නැතහොත් වාසනාව, අවාසනාව අනුවය. මෙය දෛවෝපගත සිද්ධියකි. මෙම කළලයට ජීවී බව ලැබෙන ආකාර විශ්මිතය. නමුත් එය පරීක්ෂණ නළයක් තුළ,
 
 විද්‍යාගාරයක් තුළ පැහැදිලි කළ නොහැක. විද්‍යාව කෙතරම් දියුණු වුවද විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි බොහෝ දේ ඇති බව මතක තබා ගත යුතුය.
 
 දරු සම්පත අපේක්ෂාවෙන් සිටින සියලූ දෙනාටම අවසාන වශයෙන් දියහැකි පණිවුඩය වන්නේ තමන් සියලූ ප‍්‍රතිකාර හමුවේ දරු සම්පත අහිමිව සිත් තැවුලෙන් සිටියද තම උත්සාහය අත්නොහැර තම තමන්ගේ අධ්‍යාත්මික ගුණවගාව දියුණු කර ලොව උතුම්ම සම්පත වන දරු සම්පත ලබා ගැනීම සඳහා වෙර දරන ලෙසයි.

Daru Sampathak4
advertistmentadvertistment
advertistmentadvertistment