දර මිටියක් මිලදී ගත්තාට උරණ වූ වධක පියා දරුවන් දෙදෙනා නිරුවත් කර ගසක බැඳ දස වධදීලා

1149

* සැකකරු කූරු ගනී – දරුවන් රෝහල් ගත කරයි

වයස අවු:06 ක පුතා සහ අවු:07 දියණිය නිරුවත් කර ගසක බැඳ ඇෙ`ග් මිරිස් තවරා අමානුෂික ලෙස වද හිංසා පැමිණ වූ සැකකාර පියා හැටන් පොලිසිය මගින් 02 දින රාත‍්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර වද හිංසාවට ලක් වූ ළමුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් ස`දහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

හැටන් කුඩාගම සමගි මාවතේ පදිංචි සැකකරු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර සැකකරු මත් පැන් පානයට තදින් ඇබ්බැහි වූ අයෙකු බවත් බීමත්ව නිවසට පැමිණ බිරි`දට සහ දරුවන් සිව්දෙනාට මෙවැනි ආකාරයට කුරුරු ලෙසින් වද හිංසා පමුණවන බව හැටන් කුඩාගම ප‍්‍රදේශවාසීන් විසින් හැටන් පොලිසිය වෙත ප‍්‍රකාශ කර ඇත.

වද හිංසාවට ලක් වූ දරුවන් දෙදෙනාව සැකකාර පියා 02 දින නිවස අසල පිහිටි වෙළෙඳසැලකට යවා ඇති අවස්ථාවේ දරුවන් දෙදෙනා පියා විසින් මිලදී ගෙන ඒමට පැවසූ දෙයට අමතරව නිවසට දර මිටියක් රැුගෙන ඒම සම්බන්ධයෙන් උරණ වූ පියා දරුවන් දෙදෙනාට මෙසේ අමානුෂික ලෙස වද හිංසා පමුණවා ඇත. වද හිංසාවට ලක් වූ දරුවන් දෙදෙනා ප‍්‍රදේශවාසීන් විසින් මුදාගෙන ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට දැනුම් දීමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් එම රාත‍්‍රියේ දරුවන් දෙදෙනා පදිංචි නිවසට ගොස් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මීට ප‍්‍රථම අවස්ථා කිහිපයකදීම මෙවැනි ආකාරයට බිරි`දට පහරදීම සහ දරුවන්ට අමානුෂික ලෙස වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර පැමිණිල්ල සම්බන්ධයෙන් සමථයකට පත් වී ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

තම සැමියාගේ වද හිංසා විඳ දරාගත නොහැකි බිරි`ද විසින් සැමියාගෙන් වෙන් වීමට දික්කසාද නඩුවක්ද ගොනු කිරීමට මේවන විට පියවර ගෙන ඇත. එම පවුලේ දරුවන් අවු: 04,06,07,08…ආදී ලෙසින් වයස් කාණ්ඩවල අය වන අතර, එම පවුල දැඩි ආර්ථික අපහසුතා මැද්දේ ජීවත් වන බවත්, ඔවුන් පදිංචි නිවසද අඩු පහසුකම්වලින් සමන්විත බවයි ප‍්‍රදේශවාසින් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දරුවන් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලැබෙන නියෝගය පරිදි ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි.

ඡායාරූප හා සටහන නුවරඑලිය නාලක රත්නායක -මස්කෙළිය-  ගාමිණී බංඩාර ඉලංගතිලක

ළමුන් දෙදෙනා නිරුවත් කර  පියා විසින් ගස් බැද තිබූ අයුරු

advertistmentadvertistment
advertistmentadvertistment