දවල්ට සුප් හා කැඳ බිව්ව සැමියාගේත් දුවගේත් සිරුරු සීතල වෙලා තිබුණා – සාක්‍ෂිකාරිය

1323

පියාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

ඇටවිලවත්තේ ගෙයක් ඇතුළේ පියා සහ දියණිය එකට මිය යෑමේ සිද්ධිය


කළුතර දකුණ ඇටවිලවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී 3දා සවස පියෙකු හා දියණියක මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි’

මෙසේ මියගොස් ඇත්තේ සමරසිංහලාගේ  සුනිල් ජයසිංහ (අවු 69) සහ සමරසිංහලාගේ සචිත්‍රා හංසමාලි (අවු’ 33) නම් වූ දෙදෙනායි’පියාගේ  මරණයට අදාළ මරණ පරීක්‍ෂණය නාගොඩ හදිසි මරණ පරීක්‍ෂක සුමිත් සිල්වා මහතා ඉදිරියේ 31දා පැවැත්විණි’

එහිදී මියගිය අයගේ බිරිඳ වන හේවාදේවගේ  හේමලතා ප්‍රනාන්දු (අවු’65) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ කීවාය’ මියගිය ස්වාමි පුරුෂයාත් අවිවාහක දියණියත් මාත් මෙම කුලී නිවසේ වාසය කළා’

සිද්ධිය වූ දින උදේ අවදි වී සිටි ස්වාමිපුරුෂයා ඉස්සරහ පුටුවේ වාඩිවෙලා සුප් ටිකක් ඉල්ලුවා’ දවල්ටත් සැමියත් දුවත් සුප් හා කැඳ බිව්වා’

සවස 3 ට විතර බලන විට සැමියාගේ සිරුර සීතල වී තිබුණා’ පසුව බලන විට දුවද ගෙය තුළ බිම නිදාගෙන සිටියා’

ඇයගේද සිරුර සීතල වී තිබුණා’ ඉන්පසු මා කෑ ගැසුවා’

මෙහිදී කළුතර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛi නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවද සලකා බැලූ මරණ පරීක්‍ෂකවරයා පියාගේ

මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය’

මේ අතර දියණියගේ මරණය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය 31 දා උදේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි’

ඒ අනුව කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් පායෝ මහතා 31දා සවස කළුතර ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී දියණියගේ මළ සිරුර නිරීක්‍ෂණය කළ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කළුතර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛi නිලධාරිවරයාට නියම කරන ලදී’

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර” කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරි විජේසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනෙත් ශාන්ත” උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ප්‍රියන්ත සහ පුෂ්පකුමාර යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති’

කළුතර විශේෂ – එස්’ ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment