දවසකට එළවළු කිලෝ ලක්ෂ 40 ක් අවශ්‍ය වුණත් එන්නේ ලක්‍ෂ 05 යි

140

ළඟදීම එළවළු ගන්නත් පෝළිමේ ඉන්න වේවි

සුළු පරිමාණ ගොවීන් වගාව අතහැරීම ප්‍රධාන හේතුවයි

දිවයින පුරා ඉදිරි මාස 03 හෝ ඊට පසුව එළවළු මිලදී ගැනීමේ පෝලිම් ඇතිවීම වැළැක්විය නොහැකි බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අඟවයි.

එළවළු තොග වෙළෙඳපළට සියයට 70 ක් පමණ එළවළු සැපයූ සුළු එළවළු ගොවීන් බහුතරයක් වගාව ඇතහැරලා. එළවළු හිඟයට තදින්ම බලපා තිබෙන්නේ මේ හේතුවයි. මෙරට සමස්ත එළවළු ගොවීන්ගෙන් සියයට 60ක් සුළු ගොවීන්ද, සියයට 20 බැගින් මධ්‍යම සහ මහා පරිමාණ එළවළු ගොවීන් වෙළෙඳපළට එළවළු සැපයූ බව සභාපතිවරයා පැවැසීය. සුළු පරිමාණ එළවළු ගොවීන්ගෙන් සියයට 50ක් මේ වනවිට වගාව අතහැර දමලා. ඉදිරියේදී සෙසු ගොවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් වගාව අතහරිනු ඇති බවද, රසායනික පොහොර හිඟය, ඉන්ධන හිඟය දැඩිව බලපා තිබෙන බවත්, පසුගිය ජනවාරි මාසයේදී ‘දිවයින. පුවත්පත මගින් මෙම අනතුර රටට හෙළි කළ බවද ඔහු පැවැසීය.

විෂය භාර ඇමැතිවරුන් කෘෂි බලධාරීන් කොළඹ සිට සීතල කාමරවල සිට ගන්නා තීරණ ගොවි බිමේදී ක්‍රියාත්මක කළ නොහැකි බවත් ගොවීන් මුහුණපා ඇති අර්බුදය ඇසින් දැක අනාගත එළවළු හිඟයට පිළියම් යෙදීමට ඔවුන් ගොවිබිමට පැමිණිය යුතු බවද ඔහු අවධාරණය කළහ. දෛනිකව රටට එළවළු කිලෝ ලක්ෂ 40 ට වැඩි ප්‍රමාණයක් සැපයූ බවත් ඊයේ වනවිට එම ප්‍රමාණය කිලෝ ලක්ෂ 05 ක් පමණ දක්වා අඩුවී තිබෙන බව කී සභාපතිවරයා ඉදිරි මාස කීපය තුළ මෙම ප්‍රමාණයද නිෂ්පාදනය නොවනු ඇති බව පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment