“දවසක්” කෙටි චිත‍්‍රපටයට සම්මාන රැසක්

156

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ වාර්තාමය කෙටි චිත‍්‍රපට අංශයේ සියලූම සම්මාන හිමිකරගැනීමට ‘දවසක්. වාර්තාමය කෙටි චිත‍්‍රපට කණ්ඩායම සමත්වී ඇත. එකම නිර්මාණයක් වෙනුවෙන් සම්මාන සියල්ලම හිමිකර ගැනීම දුලභ සහ සුවිශේෂී අවස්ථාවකි. නිර්මාණයක් සඳහා වන සම්මාන සියල්ලම හිමිකරගනිමින් වාර්තාවක් තැබූ ‘දවසක්. වාර්තාමය කෙටි චිත‍්‍රපටය සම්බන්ධයෙන් විමසීමට අපි එහි තිර පිටපත් රචක බුද්ධික ගුණවර්ධනව සම්බන්ධ කර ගත්තෙමු.

 ‘‘දවසක්. කණ්ඩායම මේ නිර්මාණය හැදුවේ සම්මාන උළෙලකට ඉදිරිපත් කරන බලාපොරොත්තුවකින් නෙමෙයි. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ජාතික යෞවන සම්මාන උළෙලට තමයි සම්මාන උළෙලක් සඳහා මේ චිත‍්‍රපටය පළවෙනි අවස්ථාවට ඉදිරිපත් කළේ. එහිදී හොඳම පිටපත් රචනය” හොඳම කැමරාකරණය” හොඳම සංගීත අධ්‍යක්ෂණය” හොඳම නිෂ්පාදනය සහ හොඳම සංස්කරණය යන සියලූම අංශයන් සඳහා සම්මාන ලබාගන්න අපේ නිර්මාණයට හැකි වුණා..

 ජීවිතය කියන්නේ දවසක් යන්න තේමා කර ගනිමින් මෙම වාර්තාමය කෙටි චිත‍්‍රපටය නිර්මාණය කර තිබේ.

"දවසක්" කෙටි චිත‍්‍රපටයට සම්මාන රැසක්

 ‘දවසක් ඇතුළත අපි කරන දේවල් තියෙනවා. සමහරු උදේ ඉඳලා ? වෙනකම් වැඩ ටික කරලා ?ට නිදා ගන්නවා. තවත් පිරිසක් ? ඉඳලා උදේ වෙනකම් වැඩ කරනවා. රැුකියාව කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ රිද්මයට සමාන දෙයක්. බාල මහලූ තරුණ” උදේ දවල් කියලා කෙනෙක්ගේ ජීවිතය රේඛාවකින් වෙන් කරන්න බෑ. වැඩ කරන හැමෝටම රිද්මයක් තියෙනවා. යකඩ තලන මනුස්සයාට” පාර අතුගාන මනුස්සයාට” රජයේ රැුකියාවක් කරන මනුස්සයාට රිද්මයක් තියෙනවා. මේ රිද්මය තමයි හදවතේ රිද්මය කියලා කියන්නේ. රැුකියාව නැවතුනොත් ජීවිතය නවතිනවා. හදවත නැවතුනොත් ඒත් ජීවිතය නතර වෙනවා. ඉතින් මිනිසුන්ගේ හදවතේ රිද්මය ගැන අහන්න තමයි දවසක් වාර්තාමය චිත‍්‍රපටය නිර්මාණය කළේ..

 මිනිස්සුන්ගේ ජීවිත අළලා නිර්මාණය කර ඇති දවසක් වාර්තාමය කෙටි චිත‍්‍රපටයේ බොහෝ දර්ශන ස්වාභාවික දර්ශනයන් වේ. යකඩ කර්මාන්තය” වේවැල් කර්මාන්තය” මැටි කර්මාන්තය” පිටකොටුවේ කම්කරුවන්ගේ ජීවිත” තේදළු නෙළන්නන් ආදී සියල්ලන් පිළිබඳව වන කතාවක් විනාඩි හතක් වැනි කාලයක් තුළ මේ නිර්මාණය තුළට අපූර්ව ලෙසින් කැටි කර ඇත. ‘දවසක්. පිටපත් රචනය බුද්ධික ගුණවර්ධන විසින් සිදුකර ඇති අතර නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය අරවින්ද වන්නිනායක විසින් සිදුකර තිබේ. ප‍්‍රභාත් වික‍්‍රමසිංහගේ කැමරාකරණයෙන්ද” මිලින්ද තෙන්නකෝන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද” නිලාන් පී. ජයරත්නගේ සංස්කරණයෙන් ද දවසක් වාර්තාමය කෙටි චිත‍්‍රපටය හැඩ ගැන්වී ඇත.

 ‘අපි දවස් 12ක් විතර රූගත කිරීම් කළා. කොළඹ කොටුව” වේවැල්දෙනිය” මොලගොඩ” වයික්කාල” කුලියාපිටිය” මීගමුව වගේ බොහෝ ප‍්‍රදේශවල රූගත කිරීම් කළා. උදේ” දවල්” ?” පාන්දර හැමවෙලාවකම දර්ශන මේ කෙටි චිත‍්‍රපටය තුළ තියෙනවා. මේ නිර්මාණයට සම්මාන ලැබෙන්න ප‍්‍රධානතම හේතුව විදිහට අපි දකින්නේ අපි පස් දෙනා තුළ තිබුණු සාමූහිකත්වය. අපි එකතුවෙලා කරපු නිර්මාණය තමයි මේ තරම් සාර්ථක වුණේ. එකිනෙකාගේ අදහස් වලට ගරු කරලා” කිසිම ගැටුමකින් තොරව අපි මේ නිර්මාණය කළා..

 දවසක් වාර්තාමය කෙටි චිත‍්‍රපටය නිර්මාණය කිරීම සහ එහි සාර්ථකත්වය පිළිබඳව බුද්ධික එලෙස අදහස් දැක්වීය.

 සම්මානයට පාත‍්‍ර වූ දවසක් නිර්මාණයේ නිර්මාණකරුවන් මේ වන විට තවත් නිර්මාණ කිහිපයක් කෙරෙහිම අවධානය යොමු කර ඇති බව ද පැවසූ ඔහු කියා සිටියේ වාර්තාමය කෙටි චිත‍්‍රපටයක් නිර්මාණය කරනවා නම් අදාළ ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් පර්යේක්ෂණ කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.


 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment