දවස් 12 ක්  ලිට්‍රෝ ගෑස් නෑ: පෝලිම්වල ඉන්න එපා

121

ඉදිරි දින දොළහේම ලිට්‍රෝ ගෑස් වෙළෙඳ පොළට නිකුත් නොකරන නිසා ලබන 6 වැනිදා තෙක් පෝලිම්වලට එක් නොවන ලෙස ලිට්‍රෝ සභාපති මුදිත් පීරිස් මහතා කියා සිටී.

ලබන මස 5 වැනිදා සහ 12 වැනිදා එල්පී ගෑස් මෙටි්‍රක් ටොන් 7000 ක නෞකාවක් මෙරටට ඒමට නියමිත බැවින් 6 වැනිදා සිට යළි ගෑස් බෙදාහැරීම සැලසුම වී ඇතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව තවත් ගෑස් මෙටි්‍රක් ටොන් 25,000 ක් අඩංගු ගෑස් නෞකාවක් මෙරටට ඒමට නියමිතය. එනිසා 6 වැනිදා තෙක් ගෑස් පෝලිම්වලට නොඑන ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment