පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අලූතින් කොරෝනා ආසාදිතයන් හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ නිල දත්ත වලට අනුව මේ මාසයේ (නොවැම්බර්* ගතවූ දින 17 ක කාලසීමාව ඇතුළත අලූතින් හමුවී ඇති කොරා්නා ආසාදිතයන් ගණන 1716 කි.
ගතවූ පැය 24 තුළ තුන්වන රැුල්ලේ කොරෝනා ආසාදිතයන් 138 දෙනකු අලූතින් හමුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා ඉකුත් 16 දා ප්‍රකාශ කළේය.
මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමුවූ තුන්වන රැුල්ලේ කොරෝනා ආසාදිත පාසල් ළමුන් ගණන මේ වනවිට 1,587 ක් බවට පත්ව තිබේ.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානවල දැනට ප්‍රතිකාර ලබන ආසාදිතයන්
ගණන 126 කි. ඒ හිඟුරක්ගොඩ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 82 ක් සහ වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 44 ක් වශයෙනි.
කරුණාරත්න ගමගේ