දවසේ ආදායම කෝටි 139යි – සුරාබදු ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ගිය 3දා

590

සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 111ක ඉතිහාසයේ එක් දිනක් තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් බිලියන එකයි දශම තුනකට වැඩි (මිලියන 1395ක්) මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මෙම බදු ආදායම එකතු කර ඇත්තේ අප්‍රේල් 03 වැනිදා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

2024 මුල් මාස තුන තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී සියයට විසිහයයි දශම හතරක් (26.4%) බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසල් අප්‍රේල් 12 සහ 13 යන දිනයන්හි වසා තබන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment