දස්කම් පෙන්වූ පොලිසියේ 207කට දෙකෝටි තිස්පන්ලක්ෂයක් හෙට බෙදාදෙයි

71

විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් 207 දෙනකුට මුදල් තිළිණ පිරිනැමීමේ උත්සවයක් හෙට (12දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම පිරිස අතර කාන්තා නිලධාරිනියන්ද සිටින බව කී නිහාල් තල්දූව මහතා මේ වෙනුවෙන් රුපියල් දෙකෝටි තිස්පන්ලක්ෂයක් වෙන්කර ඇතැයි ද පැවසීය.

පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් ඔත්තුකරුවන් 15 දෙනකුටද මෙහිදී මුදල් තිළිණ පිරිනමනු ලැබේ.

හරක්කටා රහස් පොලිසියෙන් පලායෑමට තැත් කළ අවස්ථාවේ එය ව්‍යර්ථ කළ විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයාද මෙම මුදල් තිළිණ ලබන පිරිස අතර සිටී.

මෙම උත්සවයට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරු රැසක් සහභාගිවීමට නියමිතය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment