දසුන්ගේ ඉනිම අපතේ යවමින් ශ‍්‍රී ලංකාව තෙවැනි විස්සයි විස්සත් පරදී

405

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් කි‍්‍රයාත්මක වූ විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (27 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී කඩුලූ 6ක පරාජයක් අත් විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය. එ් අනුව ෙදැරට අතර ක‍්‍රියාත්මක වූ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග තුනම ජය ගනිමින් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

 පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 5ක් දැවී ලකුණු 146ක අභියෝගයක් ඉන්දියාව හමුවේ තැබීමට සමත්විය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය සත්කාරක කණ්ඩායම පන්දුවාර 16.5කදී කඩුලූ 6ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

 ධරම්ශාලා හිදී පැවැති තරගයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එ් අනුව ඉන්දියාවට එරෙහිව පූර්ණ විස්සයි විස්ස තරග පරාජයකින් බෙරීමේ අධිෂ්ඨාන කරපින්නාගෙන පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු 1දී බිඳ වැටුණි. එ් අනුව ධනුෂ්ක ගුණතිලක තමන් මුහුණදුන් පළමු පන්දුවේදීම මොහොමඞ් සිරාජ් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය. මෑත කාලයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ගැලවුම් කරුවා බවට පත්ව සිටින පැතුම් නිස්සංකද ඊයේ දිනයේදී සුවහසක් ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ලෝලීන්ගේ පැතුම් සුන් කරමින් ලකුණු 1ක් ලබා සිටියදී ආවේෂ් කාන්ගේ පන්දුවක් හමුවේ ෂි‍්‍රයාස් අයියර් අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.

 අනතුරුව පිළිවෙළින් චරිත් අසලංක සහ ජනිත් ලියනගේ ශී‍්‍ර ලංකා ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලූ ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී පන්දුවාර 8යි පන්දු 3ක් තුළදී ශී‍්‍ර ලංකා ඉනිම කඩුලූ 4ක් දැවී ලකුණු 29ක් ලෙස දුර්වල තත්ත්වයකට ඇද වැටිණි.

 පස්වැනි කඩුල්ලට පිටියට එක් වූ නායක දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් ගරාවැටුණු ශී‍්‍ර ලංකා ඉනිමට ලකුණු අහුලමින් සිටියදී චන්දිමාල්ගේ ඉනිම ලකුණු 25 කට සීමා කිරීමට හර්ෂාල් පටේල් සමත්විය. පටේල්ගේ පන්දුවකට එල්ල කළ පහරක් ෂි‍්‍රයාස් අයියර්ගේ සුරතේ උඩපන්දුවක් ලෙසින් රැුඳී චන්දිමාල්ගේ ඉනිම නිමාවන විටදී දසුන් ශානක සමගින් එක්වී පස්වැනි කඩුල්ලට ලකුණු 31ක් එක් කර තිබිණි.

 චන්දිමාල්ගේ දැවී යෑමෙන් පසු චාමික කරුණාරත්න සමගින් පිටියට එක් වූ දසුන් ශානක ඊයේ දිනයේදී සුපිරි ඉනිමක් දියත් කරමින් ශී‍්‍ර ලංකාවට සැනසුම් සුසුම් ගෙන ආවේය. පන්දු 38ක් තුළදී නොදැවී ලකුණු 74ක් වාර්තා කළ දසුන් ඊයේ දිනයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී තමාගේ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත්විය. හයේ පහර දෙකකින් සහ හතරේ පහර 4කින් එම ඉනිම වර්ණවත් කළ දසුන් ශී‍්‍ර ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් චාමික කරුණාරත්න සමගින් ලකුණු 86ක් එක් කළේය. එ් සඳහා පන්දු 41ක් පමණක් වැය වෙද්දී චාමික කරුණාරත්න ඊට ලකුණු 12කින් දායකත්වය එක් කළේය.

 ලකුණු සාරාංශය

 ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 146යි (දිනේෂ් චන්දිමාල් 25, දසුන් ශානක (නොදැවී* 74, චාමික කරුණාරත්න (නොදැවී* 12, ආවේෂ් කාන් 23/2, මොහොමඞ් සිරාජ් 22/1, හර්ෂාල් පටේල් 29/1, රවී බිෂෝනි 32/1*

 ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16.5කදී කඩුලූ 4ක් දැවී ලකුණු 148යි (ෂි‍්‍රයාස් අයියර් (නොදැවී* 73, දීපක් හූඩා 21, ළහිරු කුමාර 39/2, දුෂ්මන්ත චමීර 19/1*

advertistmentadvertistment
advertistmentadvertistment