දසුන්ගේ ගේ‍්‍රස් අවසන් තරගයට යද්දී – බ්ලූස් සහ රෙඞ්ස් සටන දැඩිවෙයි – හෙට තවත් තරග 2 ක් – එස්එල්සී තරගාවලිය

483

ආරාධිත විස්සයි ක‍්‍රිකට් තරගාවලිය යටතේ බ්ලූස් කණ්ඩායම සහ ග‍්‍රීන්ස් කණ්ඩායම අතර තරගය හෙට (21 වැනිදා) ප.ව. 2.30 ටත් රෙඞ්ස් සහ ගේ‍්‍රස් කණ්ඩායම අතර තරගය හෙට (21 වැනිදා) ප.ව. 7.00 ටත් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බ්ලූස් කණ්ඩායම ධනංජය ද සිල්වා විසින්ද, ග‍්‍රීන්ස් කණ්ඩායම ආශාන් ප‍්‍රියංජන් විසින් ද මෙහෙයවනු ලබයි. රෙඞ්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දිනේෂ් චන්දිමාල් විසින් වන අතර ගේ‍්‍රස් කණ්ඩායමට දසුන් ශානක නායකත්වය ලබා දේ. තරගාවලිය යටතේ මේ දක්වා පවත්වා ඇති සියලූම තරග ජය ගැනීමට ගේ‍්‍රස් කණ්ඩායම සමත්වී ඇති අතර බ්ලූස් සහ රෙඞ්ස් කණ්ඩායම් තරග 2 බැගින් ජය ගෙන ඇත. ගේ‍්‍රස් කණ්ඩායම මේ වන විටත් අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර බ්ලූස් සහ රෙඞ්ස් කණ්ඩායම් දෙකක් බැගින් ජයගෙන ඇති හෙයින් අවසන් මහා තරගයට පිවිසීමට සමාන අවස්ථා ඇති හෙයින් එම කණ්ඩායම් තරගාවලියේ ඉදිරි තරගවලදී දක්වන දක්ෂතා මත ඔවුන්ට අවසන් මහා තරගයට ප‍්‍රවේශවීමට බලපානු ඇත.

පෙරේදා (19 වැනිදා) රාත‍්‍රි පැවැති තරගයෙන්ද ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගේ‍්‍රස් කණ්ඩායම සමත් විය. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට සීමා වූ එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගේ‍්‍රස් කණ්ඩායම කඩුලූ 3 කට ලකුණු 137 ක් ලබා ගත් අතර එහිදී දසුන් ශානක පන්දු 27 කදී ලකුණු 55 ක් ලබාගත් අතර යළිත් වර්ෂාව ඇද වැටීමෙන් ගී‍්‍රන්ස් කණ්ඩායමට පන්දුවාර 5.3 ක් තුළ ඉනිම නතර කරන්නට සිදු වූ අතර ඒ වනවිට ඔවුන් කඩුලූ 3 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටීම හේතුවෙන් ගේ‍්‍රස් කණ්ඩායමට ලකුණු 4 ක ජයග‍්‍රහණයක් හිමි විය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment