දසුන්ගේ ගේ‍්‍රස් සහ චන්දිගේ රෙඞ්ස් ගැටෙන අවසන් මහා තරගය අද

497

*  එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රෙස් කණ්ඩායම සහ දිනෙෂ් චන්දිමාල්ගෙ නායකත්වයෙන් යුත් රෙඞ්ස් කණ්ඩායම අතර අද (24 වෙනිදා) මහනුවර පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මුලික වටයේ තරගවලින් කිසිදු තරගයක් පරාජයට පත් නොවු දසුන් ශානකගේ ග්‍රෙස් කණ්ඩායම අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලද අතර දිනෙෂ් චන්දිමාල්ගෙ රෙඞ්ස් කණ්ඩායම මුලික වටයේ තරග හයෙන් තරග තුනක් ජය ගනිමින් අවසන් මහ තරගට සුදුසුකම් ලබා ගත්තේය.

ගේ‍්‍රස් කණ්ඩායම මුලික වටයේ මුහුණ දුන් තරග හයෙන් තරග හතරක් ජය ගත් අතර ඔවුන් මුහුණ දුන් තරග දෙකක් වර්ෂාව හෙතුවෙන් අතහැර දමන්නට සිදු විය.

රෙඞ්ස් කණ්ඩායම මුලික වටයේ තරග දෙකක් පරාජයට පත් වු අතර එක් තරගක් වර්ෂාව හෙතුවෙන් අතහැර දමන්නට සිදු විය. තරගාවලියේ මුලික වටයේ අවසන් තරගය ලෙස පෙරේදා (22 වෙනිදා) රාත‍්‍රි පැවති තරගයෙන් ජයග‍්‍රහණය කිරීම රෙඞ්ස් කණ්ඩායට අත්‍යවශ්‍ය වු අතර එම තරගයෙන් කඩුලූ හයක ජයග‍්‍රහණක් ලද ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්හ.

වර්ෂාව හෙතුවෙන් පන්දවාර 15කට සීමා වූ එම තරගය්දි පළමුව පන්දවට පහර දුන් ග‍්‍රීන්ස් කණ්ඩායම ලබා ගත් ලකුණු 114 අවසන් පන්දුවාරයෙදි පසු කළ ගිය රෙඞ්ස් කණ්ඩායම අද පැවැත්වෙන අවසන් මහ සුදුසුකම් ලබා ගත්තේය. තීරණාත්මක එම තරගයදි නායක දිනෙෂ් චන්දිමාල් ලකුණු 40ක් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 38ක් ලබා ගෙන රෙඞ්ස් කණ්ඩායට ජයග‍්‍රහණය ලබා දිමට සමත් වුහ.

කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවති එම තරගාවලියේ බ්ලූස් කණ්ඩායම තරග දෙකක් පමණක් ජයගත් අතර ග‍්‍රීන්ස් කණ්ඩායමට එකදු තරගයක් හෝ ජයගත නොහැකි විය.

රෙඞ්ස් සහ ග්‍රෙස් කණ්ඩායම අතර මුලික වටයේ තරග දෙකක් පැවති අතර ඉන් එක් තරගයක් වර්ෂාව හෙතුවෙන් අතහැර දමන්නට සිදු වු අතර අනෙක් තරගයෙන් රෙඞ්ස් කණ්ඩායම ලකුණු 35ක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

මෙම කණ්ඩායම් දෙකෙහි නායකයන් වන දසුන් ශානක සහ දිනෙෂ් චන්දිමාල් තරගාවලිය පුරාවට හොඳින් ලකුණු ලබා ගත් අතර දසුන් තරග 6ක් තුළ ලකුණු 210ක් ලබා ගෙන තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වී සිටී. දිනෙෂ් චන්දිමාල් එම සටහනේ තෙවැනි සථානය වෙන් කර ගෙන තිබෙන්නේ තරග 6කදි මුලූ ලකුණු 193ක් ලබා ගනිමිනි.

රෙඞ්ස් කණ්ඩායමේ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 144ක් සහ ගේ‍්‍රස් කණ්ඩායමේ චරිත් අසලංක තරග 4කදි ලකුණු 119ක් ලබා ගෙන තිබේ. තරගාවලියේ ඉහළම කඩුලූ ලාභින් 5 දෙනාම මෙම කණ්ඩායම් දෙකෙහි සාමාජිකයන් වන අතර ඉන් පෙරමුණේ සිටින්නෙ රෙඞ්ස් කණ්ඩායමේ සීක්කුගෙ ප‍්‍රසන්න සහ හිමෙශ් රාමනායකයි. ඔවුන් දෙදෙනා කඩුලූ 7 බැගින් දවා ගෙන තිබෙන අතර ගේ‍්‍රස් කණ්ඩායමේ පුලින තරංග, නුවන් ප‍්‍රදිප් සහ රෙඞ්ස් කණ්ඩායමේ චාමික කරුණරත්න කඩුලූ 5 බැගින් දවා ගෙන තිබේ.

අවසන් මහ තරගය අද (24 වෙනිදා ) රාත‍්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment