දස වසරකට පසුව හසරංග ශ‍්‍රී ලංකා නාමය එකට ගෙනෙයි

2473

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු වාර 20 – 20 තරගවල පන්දු යවන්නන් අතර ලොව අංක එක ස්ථානය ශ‍්‍රී ලංකාවේ වනිඳු හසරංගට හිමි වී ඇත.

වනිඳුගේ මෙම දක්ෂතාව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙකු වසර 10කට පසුව එම ස්ථානයට පැමිණි පළමු අවස්ථාව ලෙස සැලකේ.

දකුණතින් පා ද`ග පන්දු යවමින් මේ වසර තුළ පමණක් තරග 19කදී කඩුලූ 34ක් දවා ගෙන ඇති වනිඳු මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට වැඩිම කඩුලූ ලාභියාද වේ.

දකුණු අප‍්‍රිකා කණ්ඩායමට එරෙහි පැවැති තරගයේදී කඩුලූ ත‍්‍රිත්වයක් ද ලබා ගත් වනිඳු දැනට තරගාවලිය තුළ කඩුලූ 14ක් දවා ගෙන තිබේ.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රසාද ලකුණු 776ක් වනිඳුට හිමිව ඇති අතර ඔහුට පෙර අංක 1 ස්ථානයේ ශ්‍රේණිගතව සිටි දකුණු අප‍්‍රිකාවේ ටබ‍්‍ර‍්‍ර‍්‍රසේ සම්ෂිට හිමිව ඇති ප‍්‍රසාද ලකුණු ගණන 770කි.

ශ‍්‍රී ලංකා පන්දු යවන්නෙකු පන්දු වාර 20 තරගවල අංක 1 ස්ථානයට පත් වූ දෙවෙනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2011 වසරේදී අජන්ත මෙන්ඩිස් එහි අංක 1 බවට පත් විය. එමෙන්ම පන්දු වාර 20 තරගවල තුන් ඉරියව් ක‍්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වලද 4 වෙනි ස්ථානයට පත්වීමට වනිඳු සමත් වී ඇත. එහි අංක 1 ස්ථානයේ සිටින්නේ බංග්ලාදේශයේ සකීබ් අල් හසන්ය.

මේ අතර ලොව අංක 1 පන්දු වාර 20 පිතිකරු ලෙස ශ්‍රේණිගතව ඇත්තේ හොඳම එක් දින තරග පිතිකරු ලෙසද ශ්‍රේණිගතව සිටින පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් වේ.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට

advertistmentadvertistment
advertistmentadvertistment