දස වසරකට පසු ඔස්ටේ්‍රලියාවට කම්කරු පක්‍ෂ අගමැතිවරයෙක්

271

ඔස්ටේ්‍රලියාවේ නව අගමැති ලෙස කම්කරු පක්‍ෂ නායක, ඇන්තනි ඇල්බනීස් මහතා පත්ව තිබේ.

 පෙරේදා (21 වැනිදා) පැවැති මහ මැතිවරණයෙන් ප්‍රකාශයට පත්වූ ප්‍රතිඵල අනුව කම්කරු පක්‍ෂය ආසන 72 ක් හිමිකරගෙන ඇත. රජයක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ ආසන 76 ක් පමණි. ඒ අනුව හරිත පක්‍ෂය සහ ස්වාධීන පක්‍ෂවල සහාය මත නව රජයක් පිහිටුවීමට කම්කරු පක්‍ෂය පියවර ගනු ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි. කම්කරු පක්‍ෂය ඔස්ටේ්‍රලියාවේ බලයට පත්ව ඇත්තේ වසර 10 කට පසුවය. ඇන්තනි ඇල්බනීස් යනු එරට සිටින ප්‍රවීණ දේශපාලනඥයෙකි.

 මෙම ජයග්‍රහණයත් සමඟ අගමැති ස්කොට්මොරිසන් ප්‍රමුඛ ලිබරල් සන්ධානය පරාජයට පත්විය.

 මෙවර මැතිවරණයෙන් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ලිබරල් සන්ධානයට හිමිව ඇත්තේ ආසන 51 කි. සෙසු පක්‍ෂ වලට ආසන 15 ක් හිමිව තිබුණි. සිය ජයග්‍රහණයෙන් පසු ජනතාව අමතමින් ඇන්තනි ඇල්බනීස් මහතා පැවසුවේ සියලු දෙනාම එක්ව ඔස්ටේ්‍රලියාවේ කාලගුණ යුද්ධය අවසන් කිරීමට එක්වන ලෙසය. තෙවරක් බලයේ සිටි ලිබරල් සන්ධානයේ නායක සහ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා සිය පරාජයෙන් පසු ජනතාව අමතමින් පැවසුවේ ඡන්ද ප්‍රතිඵල භාරගන්නා බවත් ජනතාව ලබාදී ඇති තීන්දුවට හිසනමන බවත්ය.

 නව අගමැතිවරයා ලෙස ඇත්තනී ඇල්බනීස් මහතා අද (23දා) දිවුරුම් දීමට නියමිතය.

 ඉන්පසු ඔහු සිය පළමු නිල සංචාරය ලෙස ජපානයේ අද පැවැත්වෙන සමුළුවකට සහභාගිවීමට පිටත්ව යනු ඇත. මෙවර මහ මැතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්ව තිබුණේ කාලගුණ වෙනස්කම්ය. ලැව්ගිනි ගංවතුර ආදිය වැළැක්වීම සඳහා පරිසරය ආරක්‍ෂා කර ගැනීමට හිටපු අගමැතිවරයා අසමත්වීම මත ඔහු ජනතාව අතර අප්‍රසාදයට පත්ව තිබුණි.

 ඔස්ටේ්‍රලියාවේ මෙවර මහමැතිවරණය කාලගුණය රැකගැනීම යන්න ප්‍රධානතම තේමාව බවට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment