දස වසරක ඩයලොග් බැතිබර දායකත්වයත් සමග ගංගාරාම නවම් මහ පෙරහැර මෙවරත් වීථි සරයි

143

ආධ්‍යාත්මයේ සහ සංස්කෘතියේ අපූර්ව සංකලනයක් වෙමින් අගනුවර මහා මංගල්‍යය බවට පත්වන කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහැර 2022 පෙබරවාරි මස 15 සහ 16 දෙදින රාත‍්‍රී විථි සංචාරය කිරීමට යෙදුණි.

බොදු ජනතාව පමණක් නොව විදේශිකයන් මෙන්ම කොළඹ නගරයේ සියලූ ජනවර්ගවලට නොමද ආකර්ෂණය දිනාගත් වාර්ෂික ඉසව්වක් ලෙසින් ගංගාරාම නවම් මහ පෙරහැරට සුවිශේෂී වටිනාකමක් හිමිවේ.මේ අතර,මෙරට සංස්කෘතික සහ ආගමික හරපද්ධතීන්ගේ විකාශය වෙනුවෙන් අනුපමේය දායකත්වයක් ලබාදෙන ඩයලොග් ආසිආටා සමාගම මෙම ගංගාරාම නවම් මහ පෙරහැර වෙනුවෙන් අඛණ්ඩව දායකත්වය දක්වනු ලැබූ 10 වැනි වසර මෙවර සනිටුහන් වීමද විශේෂත්වයකි.

පෙබරවාරි 16 වැනිදාට යෙදුණු මහ පෙරහැර වෙනුවෙන් සධාතුක කරඩුව මංගල හස්ථිරාජයා මත වඩා හිඳුවීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදුවුණු අතර, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු ප‍්‍රභූන් රැසක් මේ අවස්ථාවට එක්වුණි

වර්ෂ1979 දී ඇරුඹුණු මෙම පෙරහැර මෙවර පවත්වනු ලැබුවේ 43 වැනි වරට වන අතර පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණය යටතේ පෙරහැර සංවිධාන විය.

advertistmentadvertistment
advertistmentadvertistment