දස හැවිරිදි දැරිය අපහරණය කළ පාපතරයා කූඩු

480

දස හැවිරිදි තම පිරිමි දරුවන් දෙදෙනා සමග සෙල්ලම් කිරීමට නිවසට පැමිණෙන, අසල්වැසි නිවසක පදිංචි දස හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් අපහරණය කර බරපතළ අපයෝජනයක් සිදු කළ එම දැරියගේ පියාගේ යහළුවකු 29දා අත්අඩංගුවට ගත් බව හුරිගස්වැව පොලිසිය පවසයි.

කලක සිට සැකකරු විසින් මෙම දැරිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කරන බවත් ඒ සම්බන්ධයෙන් දැරිය ඉගෙනුම ලබන අදාළ පාසලේ විදුහල්පතිවරයා දන්නා බවත් පවසමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඒ අනුව දැරියගේ මවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, දැරිය විසින් සිදු කළ ප්‍රකාශයකට අනුව සැකකරු විසින් වසරක පමණ කාලයක සිට දැරිය අපයෝජනය කර ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු හට එම දැරියගේ වයසේම පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම දරුවන් පැමිණ දැරිය සෙල්ලම් කිරීම සඳහා නිවසට කැඳවා ගෙන යන අවස්ථා ගණනාවකදී සැකකරු විසින් දැරිය අපයෝජනයට ලක්කර ඇතැයි පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment