දස හැවිරිදි මිනිබිරියට අමන වැඩක් කළ සීයා අත්අඩංගුවට තවත් තරුණයෝ දෙදෙනෙක් සොයා පරීක්ෂණ

520

සිය දස හැවිරිදි මිනිබිරියට බරපතළ ලිංගික අපයෝජන කළ බවට සැකපිට 62 හැවිරිදි සීයා අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිමි ළමුන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ බවත් මොරටුව පොලිසිය කියයි.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව, රාවතාවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

යතුරුපැදියකින් පැමිණි පිරිමි ළමුන් දෙදෙනෙකු තමා සීයා සමග සිටින වීඩියෝවක් මුහුණුපොතේ පළ කරන බවට තර්ජනය කොට ඇති බවට දැරිය දෙමාපියන්ට දැනුම් දී තිබේ. ඒ අනුව කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය දැරියගෙන්

ප‍්‍රශ්න කිරීමේදී, සැකකාර සීයා විසින් දැරියව ඉහළ මාලයට රැුගෙන ගොස් ලිංගික අපයෝජනය කළ බවට ප‍්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය. දැරියගේ ප‍්‍රකාශ අනුව සැකකාර සීයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඒ බව තහවුරු වූ බව පොලිසිය කීය. දැරිය රෝහල් ගත කර ඇති අතර අධිකරණ වාර්තාවක් ලබාගැනීමට නියමිතව තිබේ. සැකකාර සීයා මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර යතුරුපැදියකින් පැමිණි බව කියන පිරිමි ළමුන් දෙදෙනා සොයා පරීක්ෂණ පවත්වති. ගල්කිස්ස කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීප් වෙත්තසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත ලොකුගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුසංඛ, උප පොලිස් පරීක්ෂක නිස්සංක, කොස්තාපල්වරුන් වන සාගර (68189*, ඩයස් (68884*, කාන්තා ගමගේ (7135* සහ ත‍්‍රිලක්ෂනා (11176* පරීක්ෂණ පවත්වති.

එස්.ඒ.ආර්. ප‍්‍රනාන්දු මොරටුව
 

advertistmentadvertistment
advertistmentadvertistment