දස හැවිරිදි දරුවාට බෑවුම මාරකයක් වේ

326


දික්වැල්ල ගොඩඋඩ බටහිර ලුණුකලපුව ප්‍රදේශයේ ගෙදරවත්ත නැමති
ප්‍රදේශයේදී තද බෑවුමක් සහිත මාර්ගයක් පාපැදියකින් බසිමින් සිටි දස හැවිරිදි
පිරිමි ළමයෙකු විදුලි කණුවක ගැටීමෙන් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන්
ආසන්නයේ පිහිටි දික්වැල්ල රජයේ රෝහලට ඇතුලත් කිරීමටත් පෙර ඊයේ (12)
මරුමුවට පත්ව ඇතැයි දික්වැල්ල පෙලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි මාතර බෞද්ධ
විදයාලයේ ඉගෙනුම ලබන එම් . එම් . සයුල් ජිත්වින් නැමති දස හැවිරිදි ශිෂ්‍යයෙකි .

පිරිමි ළමයි තිදෙනෙකු සිටින පුවුලක ඔහු බාලයාය . නිවසේ කිසිවෙකුට නොකියා
සිය වැඩිමහල් සොහොයුරාගේ පාපැදිය ගෙන අසළ පදිංචි සම වයසේ මිතුරන් සොයා
යාමේදි මෙම අනතුර සිදුවී ඇත . වෙනදා ඔහු මිදුලේ පමණක් පාපැදිය පදින බව
වැඩිමහල් සොහොයුරා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment