දහතුනේ දැරිය 14දා ගෙල වැලලා ගෙන

521

රූපවාහිණි නැරඹීම හා දුරකතන භාවිතය නවතා දමා අධ්‍යාපන කටයුතු වල නිරත ව න ලෙසට පියා විසින් කළ අවවාදයට උරණ වී නිවසේ ඉහළ මාලයේ වයස අවුරුදු 13 ක දැරියක් 14 වන දින රාත්‍රියේ ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලීසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල මහවත්ත සාම මාවතේ පදින්චිව සිටි මොහමඩ් හිස්මි පාතිමා හිල්මා නමි වයස අවුරුදු 13 යි මාස 6 ක් වු පාසැල් යන දැරියකි.
සිය පියාගේ අවවාදයට උරණ වු මෙම දැරිය ඉහළ මාලයේ විදුලි පංකාවක් සවි කිරීමට තිබු වයරයක එල්ලී සිටි බවද පොලීසිය පැවසිය.
14 වන දින රාත්‍රි 7.45 ට පමණ සිය වැඩිමහල් සහෝදරිය ආහාර ගැනීම සදහා ඇය කැදවා ගෙන ඉහළ මාලයේ ගිය අවස්ථාවේදි තම නැගණිය වයරයේ එල්ලී සිටිනු දැක කෑගසා අනිත් අය ගෙන්වාගෙන ඉක්මනින් මාවනැල්ල රෝහලට ගෙන ගිය මුත් ඒ වන විටත් මිය ගොස් සිටි බව වෛද්‍ය වරු පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment