දහම් දිවයිනක් – නිවහල් බසක් නොබෙදුණු දේශයක් උදෙසා වජිරාරාම සම්ප‍්‍රදාය

347

තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි

* අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක ධුරීන, බම්බලපිටිය  සිරි වජිරාරාමාධිපති, අතිගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද  මහ නාහිමියෝ අග්ග මහා පණ්ඩිත උපාධි ලැබීම නිමිත්තෙනි.

අභිනන්දනය පිණිස උන් වහන්සේ පිළිබඳව නන් වැනුම් කීමට සහ බිණීමට නොහැකිය. ආදර්ශයම සිය සඟ සිරිතේ පළමු පාඩම කරගත් තිරිකුණාමලයේ නා හිමියෝ, සිය ගුණ වයනු නොරිසිය. මේ නිසා උන් වහන්සේ පිළිබඳ සඳහනකට උන් වහන්සේගේ අවසර නොලැබෙන සේක. ඒ නිසා අනවසරය පෙරටු කරගෙන මෙම සඳහන කරනු කැමැත්තෙමි.

කමත්වා මහ නා හිමියනි…!

අනවසරයි…

දහම් දිවයිනක් - නිවහල් බසක් නොබෙදුණු දේශයක් උදෙසා වජිරාරාම සම්ප‍්‍රදාය

දකුණේ ලේ යන කකියන ගතිකය අමරපුර ශ‍්‍රී ධර්මරක්ත නිකායේ උරුමය ය. එය ධර්ම යුද්ධය සඳහා මෙන්ම බුදු සසුනේ සහ සිංහල ජාතියේ උන්නතිය සඳහා යෙදවුණු භික්ෂු චර්යාවකි. නන්නත්තාර වූ සසුන සහ රැුස නගනු අටියෙන් එදා වජිරාරාම සම්ප‍්‍රදාය ආරම්භ වන්නේ ධර්මරක්ෂිත නිකායේ සටන් බිම ලෙසිනි. අනභිබවනීය වූ සහ මේ රටේ ශාසන සම්ප‍්‍රදාය සඳහා වජිරාරාම සම්ප‍්‍රදාය සිදු කරන ලද මෙහෙවරේ, ඊළඟ පෙළ ලෙස තිරිකුණාමලයේ මහා නාහිමියෝ අපි හැඳින ගත්තෙමු. ඒ අපගේ ළමා වයසය. සීල සමාදානය පිණිස, වන්දනය පිණිස මහරගම භික්ෂු මධ්‍යස්ථානය වෙත යන අපගේ ගෞරවනීය චරිතය වූයේ අති පූජ්‍ය මඩිහේ නාහිමියෝ ය. උන් වහන්සේගේ ඍජු ගුණ කඳ පිළිබඳව වැඩිහිටියන්ගෙන් අසා ඇතිමුදු අපේ වයස සහ තරම අනුව උන් වහන්සේ අපට දුරස් ය. දැකීම සඳහා පිං තිබුණේමුදු උන් වහන්සේ ඇසුරක් අපේ පරපුරට නොතිබිණි. එසේම වෙද්දී උන් වහන්සේ සමග සෙවනැල්ල ලෙසින් ගමන් කරනා, මද සිනහ නිතර ඇති, කරුණාබර කතා ඇති, තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ ඇසුර සඳහා අපට වාසනාව ලැබුණි. මේ සසුනේ සඟ සිරිත ලෙස අපට භද්‍ර යෞවනයේදී උන් වහන්සේ ඇසුර ලැබීම එක්තරා අතකින් ද මඩිහේ මහා නාහිමි සිහිගන්වන සහ උන් වහන්සේගේ ඇසුර නොලැබීමේ පාඩුව මකා දමන්නට හැකි විය.

මව පියා, මහණ වූ දිනය ආදී ලෙසින් චාරිතාප‍්‍රදානයක් ලෙස තිරිකුණාමලයේ මහ නාහිමි පිළිබඳව අගැයීමට උන් වහන්සේ කොහොමටත් අකැමැතිය. අනික් අතට උන් වහන්සේ පිළිබඳව එවැනි සඳහන් බොහෝ දැක, කියවා ඇත්තෙමි. ඒ නිසා වජිරාරාම සම්ප‍්‍රදායේ තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි ලකුණ පිළිබඳව විස්තර කිරීම සඳහා මෙතැන් පටන් වෙහෙසෙමි.

වජිරාරාම සම්ප‍්‍රදාය ලෙස බම්බලපිටියේ වජිරාරාමය මුල් කොට නම් වුවද එය අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ සම්ප‍්‍රදායේ දිගුවක් බව කිව හැකිය. වජිරාරාමය යනු ධම්මරක්ෂිතයේ පන්සලකි. එසේම වජිරාරාම සම්ප‍්‍රදාය යනු ධම්මරක්ෂිතයේ සේවය ප‍්‍රචලිත වූ ආකාරය බව ද කිව හැකිය.

වජිරාරාම සම්ප‍්‍රදාය සඳහා කුලූනු තුනක් තිබේ. එය විනය පළමු කොට සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය වෙනුවෙන් බිහිවන්නකි. සම්ප‍්‍රදාය පිළිබඳව විස්තර කිරීමේදී ඒ සඳහා දේශපාලනයක් වජිරාරාමයට තිබුණි. එය පළමු කොට හඳුනාගැනීම වැදගත්ය. මේ සඳහා සැසඳීමක් පිණිස විද්‍යාලංකාර සම්ප‍්‍රදාය ගනිමු. විද්‍යාලංකාර සම්ප‍්‍රදාය උපදින්නේ, මාක්ස්වාදය උල්පත කර ගනිමිනි. එය අද වහරන අයුරින් හුදු දාස් කැපිටාල් සහ ජාත්‍යන්තරවාදය මත පිහිටි මාක්ස්වාදයක් නොවේ. සමාජ සාධාරණය සඳහා පෙනී සිටීම සඳහා වැරදි මාවතකට වැටීම හේතුවෙන් එකල සිටි වේගයක් සහිත භික්ෂුන් වහන්සේලා ගොනු වූයේ සම සමාජ පක්ෂයේ අදහස් සමගය. විශේෂයෙන්ම නිදහස් සටන සඳහා කළු සුද්දන්ගේ ලංකා ජාතික සංගමය සමග එක්වනවා ද, ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදය යන න්‍යාය හමුවේ විරුද්ධ වන සමසමාජය සමග එකතු වෙනවා ද යන ප‍්‍රශ්නය මෙම භික්ෂුන් වහන්සේ හමුවේ පැවතුණි. ඒ අනුව උන් වහන්සේලාගේ ගමන් මග වූයේ සමසමාජ පක්ෂය ය. විශේෂයෙන්ම දේශපාලනය සඳහා ගාමක බලයක අවශ්‍යතාවය සඳහා තම මතයට සමීප තැනකට ගොනුවීම සඳහා මෙසේ සිදු වූවා මිස, සමසමාජයේ හෝ මාක්ස්වාදයේ න්‍යාය සඳහා විද්‍යාලංකාර සම්ප‍්‍රදාය සපුරා ගොනු වූවේ නැත. සටනක සටහන් නමින්, උඩකැන්දේවල සරණංකර හිමියෝ ලියූ කෘතියේදී එක්වරම මාක්ස්වාදය සහ ධර්මපාලතුමා පිළිගැනීම තුළ විද්‍යාලංකාර සම්ප‍්‍රදාය ලක්ව සිටි අර්බුදය පැහැදිලිය. මෙය එක් අතකින් නව දේශපාලන ගමන් මගක් සඳහා පිවිසීමක් විය. අනික් අතට පාර තිබියදී වරදවා ගමනේ යෑමක් විය. පාර තිබියදී යන්න සඳහා මෙහිදී වැදගත් වන්නේ භික්ෂුව සඳහා දේශපාලනය වලංගු සීමාව ඒ වන විටත් රාජාණ්ඩු ක‍්‍රමය තුළදී මහා විහාරය පැහැදිලි ලෙස සඳහන් කර තිබීම හේතුවෙනි. මහාචාර්ය ට්‍රොවෝ ලීන් සඳහන් කරන පරිදි සිංහලයේ රජය යන්න රජු, සංඝයා සහ ජනතාව යන ත‍්‍රිකෝණය ය. විද්‍යාලංකාරය මගින් එහි භික්ෂුව යන අනන්‍ය ස්ථාවරය යම් තාක් දුරකට රජු හෙවත් රාජ්‍ය සමග මුසු කරන ලද්දේ, සීමාව ඔබ්බට ගොස් දේශපාලනයේ යෙදීමෙනි.

වජිරාරාම සම්ප‍්‍රදාය සමග දේශපාලනය ගමන් කරන ලද්දේ, මීට වෙනස් ආකාරයකිනි. වජිරාරාමය සිය ගමන පැහැදිලිව සම්බුද්ධ ශාසනය මුල් කරගත් සාසන වතක් කර ගත්තා මිස, දේශපාලනය හරි හරියට මුසු කර ගත් අරගල භූමියක් බවට පත් කර ගත්තේ නැත. ධර්ම ප‍්‍රචාරය සඳහා පෙළ ගැසුණු භික්ෂු ව්‍යාපාරයක් ලෙස ස්වාධීනව වජිරාමය නැගී සිටින්නේ, මැතිවරණ ව්‍යාපාරයන් සඳහා අවතීර්ණ නොවෙමිනි.

භික්ෂුවගේ දේශපාලන සහභාගිත්වය පිළිබඳව වජිරාරාමයට පැහැදිලි සීමාවක් විය. භික්ෂුවට ඡුන්දය හිමි නොවීම වජිරාරාම සම්ප‍්‍රදාය ය. වල්පොළ රාහුල හිමියෝ, භික්ෂුවගේ උරුමයේදී සංඝයාගේ දේශපාලන ගතිකය සඳහා නව අර්ථ විවරණයක් ඉදිරිපත් කළහ. ඒ අනුව භික්ෂුව සඳහා විද්‍යාලංකාර ප‍්‍රකාශයෙහි ”භික්ෂු ජිවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙළක් වේ නම් – එහි නම දේශපාලනය හෝ වේවා කුමක් හෝ වේවා – එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය” යන අසීමාන්තික දිග පළල ඇති වපසරියක් තනා දුන්නේය.

බම්බලපිටියේ වජිරාරාමය ගොඩනැඟූ එවක අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිතවංශ නිකායේ මහා නායක පැලෑනේ වජිරඥාන මහා නායක ස්වාමීන් වහන්සේ, දේශපාලනය හා භික්ෂූන් වහන්සේ, නමින් ලක් බුදු සසුන, පුවත් පතට 1946 මාර්තු 17 වන දින ලිපියක් සපයමින් දේශපාලන ක‍්‍රියාකාරම්වල සහභාගීවීම පැවිදි දිවියක අරමුණු හා නොසැසඳෙන්නේ ආකාරය ධර්ම විනය පදනම් කරගෙන පැහැදිලි කර තිබුණු බව සඳහන් කරන මහාචාර්ය අසංග තිලකරත්න සඳහන් කරන්නේ, එමගින් වක‍්‍ර ආකාරයෙන් විවේචනය කර ඇත්තේ, වල්පොළ රාහුල හිමියන්ගේ ‘භික්ෂුවකගේ උරුමය’ පොත බවය. ඒ අනුව විද්‍යාලංකාර සම්ප‍්‍රදාය සඳහා වජිරාරාම සම්ප‍්‍රදාය ශාසන විනය අනුව අභියෝග කර ඇති බව කිව හැකිය. පැලෑනේ වජිරඥාන මහා නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කරන්නේ භික්ෂුව දේශපාලන ක‍්‍රියාකාරකම්හි යෙදිය යුතුද නැද්ද යනු විමසිය යුත්තේ ඓතිහාසික කරුණු පදනම් කරගෙන නොව ධර්මය පදනම් කරගෙන බවයි.

මේ විග‍්‍රහයේ දී පැලෑනේ නාහිමියෝ භික්ෂුව ලෞකික කාර්යයන්හි යෙදිය යුතුය යන අදහස සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප නොකරති. නමුත් එබඳු කාර්යය කරුණාවෙන් මිනිසුන්ට ධර්මානුශාසනා කිරීමට පමණක් සීමා විය යුතුය යන්න උන් වහන්සේ ගම්‍ය කරන බව මහාචාර්ය තිලකරත්නගේ නිගමනය ය.

මෙයින් පෙනී යන්නේ වජිරාරාම සම්ප‍්‍රදායයේ ගති ස්වභාවය ය. තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන්ගේ උරුමය රැුඳී ඇත්තේ මෙතැනය. උන් වහන්සේ එතැන් සිට භාෂාව සහ දේශය වෙනුවෙන් ‘සටන්’ කරති. විශේෂයෙන්ම හෙළ හවුලේ නයුවෙක් ලෙස උන් වහන්සේ සිදු කරන මෙහෙවර නිවහල් බසක් වෙනුවෙන් සහ විශේෂයෙන්ම ‘අනන්‍යතාවය’ සඳහා වැදගත් ය. මා සිතන ලෙස ආනන්ද මහ නා හිමියෝ බසට පමණක් සීමා වීමේ වර්ධනයක් දක්වා තිබේ. අනන්‍යතාවය සඳහා අත්‍යවශ්‍ය තවත් ජාතික මානයන් සඳහා උන් වහන්සේ, වජිරාරාම සම්ප‍්‍රදාය අනුව, විශේෂයෙන්ම මඩිහේ නාහිමියෝ බෙදුම්වාදයට එරෙහිව ඒකීය ශ‍්‍රී ලංකාව උදෙසා, සටන් කළ ආකාරය අනුව යන්නේ නම් අගනා බව ‘වැරදි නම් කමත්වා’ යන අස්ථානයේ සිට ලියා තබමි.

මහරගම ධනවත් දායක පේරු, පිරු පන්සලක වැඩවාසය කළද උන් වහන්සේ ධනය ඇති තැන, බලය ඇති තැන සහ ඒ සියල්ල නැති තැන සඳහා වෙනසක් නොකළ සේක. ඒ අතරම ජනප‍්‍රිය වීම සඳහා උන් වහන්සේ දක්වන්නේ තදබල අකැමැත්තකි. මේ නිසා ආනන්ද මහා නාහිමියෝ, අර්ථයෙන් ධර්මයෙන් පාලක පක්ෂය සහ ජනතාව සඳහා වජිරාරාම සම්ප‍්‍රදාය ඉදිරියට ගෙන යෑමේ සියලූ සුදුසුකම් සහිත බව කිව යුතුය. මියන්මාර් රජය පිරිනමන, අග්ග මහා පණ්ඩිත උපාධිය උන් වහන්සේ වෙත සිය සම්ප‍්‍රදාය සිහි කැඳවන බව කිව හැකිය. මෙවැනි සම්මාන නොතකන උන් වහන්සේ, එම සිහි කැඳවීම නොතකා නොහරිනු ඇතැයි අපේක්ෂා කරමි.

මනෝජ් අබයදීර

අග්ගමහා පණ්ඩිත  ශ්‍රේෂ්ඨ භික්ෂුවරයාණෝ

දහම් දිවයිනක් - නිවහල් බසක් නොබෙදුණු දේශයක් උදෙසා වජිරාරාම සම්ප‍්‍රදාය

ධර්ම ශාස්ත‍්‍ර විෂයක ලේඛනයෙහි ලා මෙ මහ නාහිමිපාණන්ගෙන් වූ මෙහෙවර අතිශය සම්භාවනීය වේ. පුංචි රාහුල හාමුදුරුවෝ, සැරියුත් මාහිමි ගුණ පබඳ, සසුනඹර පෑයූ සුපුන් සඳ යන ශාසනික චරිත කථා මතු නොව පණ්ඩුකාභය රජතුමා, කුමාරතුංග මුනිදුන් මහ පඬිරුවන යන අන්‍ය චරිත ද බ‍්‍රහ්ම විහාර ධර්ම දිවියට මිහිරත් බෞද්ධ ආර්ය මාර්ගය ආදී ධර්ම ග‍්‍රන්ථ ද උන්වහන්සේ විසින් විරචිතය. තව ද ප‍්‍රඥා ප‍්‍රභා 1-1, ප‍්‍රඥාඤ්ජලී පැනසිහ පබසර, තුරුණු උදාව 1 – 4, සිරි විදුරු ණැන ළමා පැදි පබඳ යනු ආනන්ද මහා නාහිමිපාණන් අතින් සකස් වැ පළ වූ ග‍්‍රන්ථ වෙයි. පාලි ශබ්ද කෝෂයේ මෙන් මැ ත‍්‍රිපිටක ධර්මකෝෂයෙහි ද උපදේශක අනුශාසකවරයාණෝ උන්වහන්සේ වෙති. ත‍්‍රිදශකයකට අධික කාලයක් බෞද්ධ ළමයා සඟරාව නොකඩවැ පළ කෙරෙමින් උන් වහන්සේ කරන මාහැඟි මෙහෙවර ස්වකීය ප‍්‍රාචාර්යයන් වහන්සේගේ සේවාව අඛණ්ඩව වැ ඉදිරියට ගෙන යෑමෙහි පුවත්පත් සඟරා ආදියට අප මහ නාහිමිපාණන් විසින් ලියැවුණු සාරගර්භ ලේඛන සිය ගණනකි. ඒ හැම උන්වහන්සේගේ ගාම්භීර ධර්මාවබෝධයෙන් භාෂා ශාස්ත‍්‍ර පටුත්වයෙන් සුවිශද කෙරෙයි.

ආනන්ද මහ නාහිමිපාණන් සුවියත් කිවියෙකි. ප‍්‍රතිව්‍යුත්පත්ති සතතභ්‍යාස යන ත‍්‍රිවිධ ශක්තියෙන් පරිපූර්ණ නිර්මාණ නෛපුණ්‍ය උන් වහන්සේ කාව්‍ය නිර්මාණවලින් මනා වැ ප‍්‍රතිබිම්බනය වේ. මෑතෙක දී සම්භක්ත ගුරුදේවයන් සමග රැුසැයුණු ගුරු දේවධර උන්වහන්සේගේ කාව්‍යකරණයේ අග‍්‍රඵලයේ ඈත් විය හැකිය. අරුතක් විරිතත් අතර අත්‍යන්ත සමවායය මනා වැ දක්වන එය නූතන කවීන්ට ආදර්ශයෙකු දු වෙයි. ගී පබැඳුමෙහි ලා උන්වහන්සේ දක්වන බුහුටි බව වෙසෙසින් සඳහන් කළ යුතු වෙයි. සිංහලායේ ව්‍යංඤ්ජනා ගතියෙන් ධ්වනි ගුණයෙන් මනා වැ දන්නා උන්වහන්සේ කෙටි සරල වදන් පෙළකින් අසිරිමත් නිමැවුම් කෙරෙති. අග‍්‍රප‍්‍රාසවන් ලලිත පද නිරායාසයෙන් අවුත් එහි පබැඳුම්හි වැදී සිටින අයුරු විස්මයජනකය.

දහර භික්ෂු අවධියෙහි සිටම හෙළ හවුල හා බැඳීගත් මහ නාහිමිපාණන් හෙළ බසෙහි වෙසරද මැ සිටිති. එමෙන්ම පාලි සංස්කෘතාදියෙහි ද මනා පටුත්වයක් දක්වන උන්වහන්සේ වෙත හෙළහවුලින් හෙළ බස් ඉසුරු හරසර පට පිරිනැමිණ. හෙළ හවුලෙහි අනුහසු (අනුශාසක* කෙනෙකුන්යේ ද කුමාරතුංග මුනිදාස පදනමේ නයුවාණන් (නායකයාණන්* සේ ද සිටිනා උන්වහන්සේ නිසා එ තනතුරු හෙබැවෙයි.

ශ‍්‍රී ධර්මරක්ඛිත වංශාලංකාර ශ‍්‍රී ප‍්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ‍්‍රී ප‍්‍රවචන කීර්ති ශ‍්‍රී සාසන ජෝතික පරියත්ති විසාරද ආදි ගෞරව නාමාදියෙන් අප මහ නාහිමිපාණන් නොයෙක් වර සුපූජීත වූ හ. එ වුවද සංයුක්ත නිකාය එන ලාභසත්කාර සංයුක්තය මැනැවින් දන්නා උන් වහන්සේ ඒ එකෙකිනුත් නොසැලී නොනැඟී එ හැම උපේක්ෂාපූර්වක වැ ඉවසති. වැලිවිට සඟරජුන් මෙන් පුස් කොළයක නොලිවුද අනුද්ධත භාවය උන්වහන්සේගේ චරිතයෙහි ප‍්‍රමුඛතර ලක්ෂණයක් වේ. අනතිමානයට උන්වහන්සේ ජීවමාන නිදර්ශනයෙකි. දැන් මේ පිරිනැමෙන අග්ග මහා පණ්ඩිතෝවාදිය පිළිබඳ වැ බාලයකු උන්වහන්සේගෙන් විමසූ කල්හි කීයේ එය තමන් වහන්සේගේ ප‍්‍රාචාර්යයන් නාමයට පූජා කරන බවයි. එකියන ප‍්‍රාචාර්යයෝ නම් පරම පූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහ නාහිමිපාණෝයි. මේ ප‍්‍රශිෂ්‍යාණෝ එ මහ නාහිමියන්ගේ පුනරාවතාරය සෙයින් වජිරාරාම සම්ප‍්‍රදායයෙහි සමාරක්ෂයාණෝ වැ වැජැඹෙති.

ශ‍්‍රීනාත් ගණේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment