දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් කැඳවයි

319

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරසිටී.

ඒ අනුව එම විභාගය සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා ඇති අතර පැවති කොවිඩ් තත්ත්වය හේතුවෙන් 2021 හා 2022 වර්ෂවල එම විභාගය පැවැත්වීමට නොහැකි විය.

ඒ හේතුවෙන් එම වර්ෂවල අයදුම්කළ සියලු දහම් පාසල් ගුරුවරුන් ද 2023 වර්ෂය සඳහා නැවත අයදුම්පත් යොමුකළ යුතු බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දෙයි.

අදාළ විභාය සඳහා අයදූම්කරන දහම් පාසලක ගුරුවරුන් 2023.03.15 දිනට අවම වශයෙන් මාස 06ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු අතර අඛණ්ඩව දහම් පාසලක ගුරුවරයෙක් ලෙස කටයුතු කර තිබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment