දහසක් සිතුවිලි අතරින් සිනමාව ජයගත් සුමනා…

239

ලේක්හවුස් පත්‍ර සමූහයේ සවස පත්‍රයක් වශයෙන් නිකුත් කෙරුණු “ජනතා” පත්‍රයේ ලස්සන මුහුණු නමින් විශේෂාංගයක් පළකෙරිණි. එහි සුමනා අමරසිංහ නමින් යුවතියකගේ ඡායාරූපයක් පළකර තිබිණි. ලස්සන මුහුණ තරගයේ ප්‍රථම ස්ථානය දිනාගන්නා යුවතියට චිත්‍රපටයක ප්‍රධාන චරිතය පැවරෙන බවටද ප්‍රචාරය කෙරිණි.

 සුමනා අමරසිංහ ලස්සන මුහුණු තරගයෙන් පළවෙනියා වූවාය. ජී. ඩී. එල්. පෙරේරාගේ “දහසක් සිතුවිලි” චිත්‍රපටයේ රඟපෑමට ඇයට අවස්ථාවක් ලැබුණි. ඒ සමඟ තවත් චිත්‍රපට දෙකක රඟපෑමේ වරම ඇය උදාකර ගත්තාය. ‘බිනරමලී. හා “පිපෙන කුමුදු” චිත්‍රපට දෙකෙහිද ඒ අනුව ඇයට රඟපෑමට ලැබුණි.

 හැත්තෑව දශකයේ යොවුන් සුරූපිනිය වූ සුමනා අමරසිංහ 2022 දක්වා පැමිණ ජුනි 5 වැනිදා හිමිදිරි උදෑසන දිවි ගමන අවසන් කළාය. ඒත් තම සැමියා වූ රෝයි ද සිල්වාගේ මරණයෙන් පසුව රඟපෑමත් චිත්‍රපට නිෂ්පාදනයත් යන කලා අංශ සියල්ල අත්හැර දැමූ සුමනා මහත් සේ කලකිරීමට ලක්ව කනගාටුවෙන් කාලය ගත කළාය.

 රෝයි මියගියාට පසු ඇයට රඟපෑමට චිත්‍රපට කිහිපයක් ලද බව පෞද්ගලිකව මම දනිමි. මගේ ආදරණීය රෝයි නැතිවූ මට මොන රඟපෑමක්ද? කියමින් කාලය ගකකළ ඇගේ සිතේ තිබුණේ මම මෙපමණ කාලයක් සිනමාව වෙනුවෙන් වෙහෙසුණත් මට නිවසක් නැහැනේද යන්නයි. පසුගිය රජයේ ප්‍රබලයකු ඇයට නිවසක් ලබාදුන්නත් ඒ කුඩා නිවස ඇයට සුදුසු නොවූ නිසා අත්හැර දැමුවාය.

දහසක් සිතුවිලි අතරින් සිනමාව ජයගත් සුමනා...



 සිනමා විකට නළුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි එල්. ඇම්. පෙරේරා අධ්‍යක්‍ෂණය කරන ලද “හතර පෙරළිය” චිත්‍රපටය ලංකාවේ පළමුවන ඔපෙරා වර්ගයේ චිත්‍රපටයයි. නළුවෙක් හෝ නිළියකට අසීරු රඟපෑම් මවන්නට සිදුවන්නේ එහි දෙබස් නොමැතිව ගීතයෙන්ම රඟපෑම් ඉදිරිපත් කළ යුතු වීම නිසයි. සුමනාට එය අසීරුවක් නොවීය. මා දුටු දක්‍ෂම රංගනය ඈ එහි නිරූපණය කළාය.

 ප්‍රකට දක්‍ෂ වේදිකා නළුවෙක් වූ රෝයි සමග රඟපෑමේ වරම උදාකරගත් සුමනා රෝයිගේ හදවත දිනාගැනීමට සමත්වූවාය. විමලදාස පෙරේරාගේ “සමනළ කුමරියෝ” චිත්‍රපටයේ ඇගේ

 සැබෑ පෙම්වතා සමඟ ප්‍රථමවරට පෙම්වතුන් ලෙස රඟපෑවාය. රුක්මණි දේවියගේ හිතවතියක් වූ සුමනා රුක්මණි දේවියට පසු ඒ අවධියේ ද්විත්ව චරිත නිරූපණය කරමින් සූකිරි කෙල්ල චිත්‍රපටයේ රඟපෑවාය.

 තමන්ට ඕනෑම වර්ගයේ රඟපෑමක් ඉදිරිපත් කරන්නට හැකි බව නාගරික සෙල්ලක්කාර කාන්තාවක් සහ අහිංසක ගැමි කාන්තාවකගේ ද්විත්ව චරිත නිරූපණයෙන් පෙන්නුම් කළ ඇගේ ප්‍රථම වර්ණ චිත්‍රපටයද “සූකිරි කෙල්ල” විය.

 “රන්වන් රේඛා” සුනේත්‍රා” මංගලා” මාල ගිරව්” කඩවුන පොරොන්දුව සමගින් චිත්‍රපට සිය ගණනක පමණ රඟපෑ සුමනා ඊට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ ක්‍රිස්තු චරිතය” රෝයි ද සිල්වා සහ ස්ටැන්ලි පෙරේරා සමඟ අධ්‍යක්‍ෂණය කරන ලද විකට චිත්‍රපට පෙළේ පළමු විකට චිත්‍රපටය වන ටොම් පචයා සහ රෝයි කරන ලද මුල්ම කලාත්මක චිත්‍රපටය වූ තණගිරවී සුමනා දක්‍ෂකම් පෙන්වූ තවත් චිත්‍රපට කිහිපයකි.

දහසක් සිතුවිලි අතරින් සිනමාව ජයගත් සුමනා...



 රෝයි ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ . නව කඩවුන පොරොන්දුව. චිත්‍රපටයේ සුමනා රඟපෑවේ ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ ‘කඩවුන පොරොන්දුව. චිත්‍රපටයේ රුක්මණී දේවි රඟ පෑ ප්‍රධාන චරිතයයි.

 කලාත්මක සහ වාණිජ යනුවෙන් හඳුන්වනු ලබන චිත්‍රපට යනුවෙන් භේදයක් නොසැලකූ සුමනා දයා විමලවීරයන් අධ්‍යක්‍ෂණය කළ “මිහිදුම් සිහින” හා “මධුසිහින” චිත්‍රපටවල රඟපෑමෙන් පසු නිෂ්පාදනය පැත්තට යොමුවූවාය. තමාගේ දකුණ අත මෙන් දුක – සැප බෙදාගෙන සිටි රෝයිගේ

 මරණය තුළින් සදාකාලික දුක්විඳින කාන්තාවක් බවට පත්වූ අතර මරණය දැක දැක මරණය කරා ළංවෙමින් සිටි ඇයගේ ජීවිතය බේරාගැනීමට රෝයිගේ ජීවිතය කැප කළත් මට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බැරිවුණා කියමින් දුක්වූ ඇයද රෝයි පසු පසම ගියාය.

 හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment