දහ අට වංගුව යළි අවහිර වෙයි

143

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.ඊයේ සවස් කාලයේ දී ඇති වූ අධික වැසි තත්ත්වය සමග 18 වංගුව දෙවැනි වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා මතුව තිබේ.නායගොස් ඇති කොටසට ඉහළින් ඇති තවත් ස්ථානයක විශාල ගලක් නායයෑමේ අවධානමක් ඇති හෙයින් පොලීසිය විසින් මාර්ගය වසා දැමීමට තීරණය කර ඇත.ඒ අනුව මහනුවර සිට මහියංගනය දක්වා දාවනය වන වාහන තැන්නෙකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment