දළදාවට නිඟා කළ සේපාල්ට හිරගෙදරදී පහර දීලා

934

බුදු දහමට සහ ශ්‍රී දළදා වහන්සේට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට චෝදනා එල්ල වීම නිසා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටිනා සේපාල් අමරසිංහ නමැත්තාට පෙරේදා (7 දා) දහවල් පහරදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පහරදීමට නිලධාරීන් සම්බන්ධවී ඇති බවට චෝදනා එල්ලවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නිසා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

පහරකෑම නිසා සේපාල් අමරසිංහ නමැත්තා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුට තවදුරටත් ප්‍රතිකාර අනවශ්‍ය බව රෝහල් වෛiවරුන් විසින් නිර්දේශ කළ නිසා ඊයේ (8 දා) දහවල් නැවත රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ.

මෙම පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන්ද ඊයේ බන්ධනාගාරයට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත් බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment