දළදා දැක්මක් පවත්වන්න – ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලයි

115

ජනතාවට වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසමින් දළදා දැක්මක් පැවැත්වීමට කටයුතු යොදන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත සෙනසුරාදා (17දා) පස්වරුවේ පිළිගන්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු අදාළ පාර්ශ්වයන් හා කාරක සංඝ සභාවන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අතිපූජ්‍ය මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජය වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.

රට ජාතිය යම් යම් අභියෝගාත්මක හා ආපදා සහිත අවස්ථාවලට පත් වූ විට අතිපූජ්‍ය දළදා වහන්සේ වැඩම කරවා ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව ලබාදීම සම්ප්‍රදායිකව සිදුවූ බව සඳහන් වෙයි.
සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment