දළු කිලෝ 18 ක් දිනකට කඩන්න බෑ… කොටියාගල වතු කම්කරුවෝ අඛණ්ඩ විරෝධතාවක

130

වතු කම්කරුවන් දෙවන දිනටත් සත්‍යග‍්‍රහයේ නියැලූණු අයුරු ඡායාරූපයේ දැක්වේ

නුවරඑළිය – නාලක රත්නායක

බගවන්තලාව වැවිලි සමාගමට අයත් කොටියාගල තේ වතුයායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලන අධිකාරියට විරෝධය පාමින් පෙරේදා (30 දා* උදෑසන එම තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුව අසල ආරම්භ කළ සත්‍යග‍්‍රහයට විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට එම පිරිස තීරණය කර ඇත.

වැටුප් පරිපාලක සභාව විසින් තමන්ට වැඩි කළ රු. දහසක දෛනික වැටුප ලබාදීමට වතු පාලන අධිකාරිය විසින් අමු තේ දළු කිලෝ 18 ක් නෙළන ලෙසට බලපෑම් කරන බවත්, එසේ අමු තේ දළු කිලෝ 18 නෙළීම ප‍්‍රතික්ෂේප කරන වතු කම්කරුවන්ට නෙළන තේ දළු ප‍්‍රමාණයට පමණක් කිලෝවට රු. 40 බැගින් ගෙවීමක් සිදු කරන බව සත්‍යග‍්‍රහයේ නියැලී සිටින වතු කම්කරුවෝ කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment