ද්‍රවිඩ සන්ධානයේ ඉඩම් ‘කෙප්ප’ එළියට

209

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් විශාල ලෙස ආරක්‍ෂක හමුදාව අත්සන් කරගෙන ඇති බවට ද්‍රවිඩ සන්ධානය විදේශ ආණ්ඩුවලට යවා ඇති තොරතුරු සාවද්‍ය බව හෙළිවී ඇත.

යාපනයේ අක්කර 25202 ක හමුදාව රැඳී සිටි අතර ඉන් අක්කර 24496ක් මුදාහැර තිබේ. කිලිනොච්චියේ අක්කර 11911 ක හමුදාව සිටි අතර ඉන් අක්කර 7126ක් නිදහස් කර ඇත. මන්නාරමේ අක්කර 7321 ක හමුදාව සිටි අතර ඉන් අක්කර 6250ක් මුදාහැර තිබේ. ත්‍රිකුණාමලයේ අක්කර 4220ක් මුදාහැර තිබේ.

උතුරු නැගෙනහිර පුද්ගලික ඉඩම් අක්කර 4220ක් ඇති අතර එම ඉඩම්වල නියම අයිතිකරුවන් මෙතෙක් එම ඉඩම්වල හිමිකරුවන් තමන් බව සනාථ කර නැත. පලාලි හමුදා කඳවුර අසල පිහිටි ඉඩම් අක්කර 20000 ක් ද 2018 දී මුදාහැර ඇත. ශ්‍රී ලංකා හමුදාව උතුරු නැගෙනහිර ද්‍රවිඩ ඉඩම් අල්ලාගෙන ඇති බවට ලොව පුරා බොරු ප්‍රචාරයක් දියත් කිරීමට අඩයාලම් සහ පර්ල් යන සංවිධාන ද ක්‍රියාකර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment