ද්විත්ව පුරවැසියන්ට දොර වහන්න – සජිත්

169

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා කොන්දේසි කිහිපයකට යටත්ව සමගි ජන බලවේගය සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.

ඒ අනුව ද්විත්ව පුරවැසි තහනම, ව්‍යවස්ථා දායක සභාව සඳහා කරනු ලබන සිවිල් පුද්ගල පත්කිරීම් සාධාරණ ලෙස සිදු කිරීම සහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ හැකි කාලය වසර දෙකහමාර එලෙසම පවත්වා ගැනීම යන ප්‍රධාන කරුණු ඇතුළත් වන්නේ නම් තම සහාය ලබා දෙන බව හෙතෙම කීවේය. එහෙත් කාරක සභා අවස්ථාවේ දී කූට උපක්‍රම යොදා ඉහත කරුණු වෙනස් කොට පනත වෙනස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් ව්‍යවස්ථා සංශෝධනයට අනිවාර්යයෙන්ම විරුද්ධ වන බව ද විපක්ෂ නායකවරයා එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පැවසීය.

ඊට අමතරව විධායක ජනාධිපති සතු බලතල සීමා කෙරෙන යෝජනා සඳහා ද තම පක්ෂයේ සහාය ලබා දෙන බව ද කී ඒ මහතා කෙසේ වෙතත් මෙම පනත සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික භාවය තිබීම වැදගත් බව ද කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment