ද්විත්ව පුරවැසි අගය වැඩිවේ

1013


දෙසැම්බර් මස 01 වැනිදා ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා වන ගාස්තු ඇතුලු කාණ්ඩ කිහිපයකට අයත් වීසා ගාස්තු සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම සංශෝධන සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් 2,000ක් දක්වා ඉහළ නංවා ඇති අතර ද්විත්ව පුරවැසිභාවය හිමිවන අයදුම්කරුවෙකුගේ වයස අවුරුදු 22ට අඩු දරුවෙකුට ඒ සඳහා වන ගාස්තුව ඩොලර් 500ක් ලෙස සංශෝධනය කර තිබේ.

පුරවැසි පනත යටතේ නිකුත් කරනු ලබන සහතිකවල පිටපත් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ඉහළ නංවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment