ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු ගැන ගම්මන්පිල පවසයි

222


වත්මන් පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසි භාවය සහිත මන්ත්‍රීවරු 10 දෙනෙක් සිටින බවට ප්‍රකාශ කළත් ඔවුන් හඳුනා ගැනීමට කිසිදු ක්‍රමවේදයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කරයි.
කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේත් නෑ. කෙනෙකු වෙනත් රටක පුරවැසිකම ලබා ගත්තාම ලංකාවේ පුරවැසිකම අ​හෝසි වෙනවා. නමුත් වෙනත් රටක පුරවැසියෙකු වුණු බව ලංකාණ්ඩුවට හෙළි නොකර සිටියොත් ඒ බව දැන ගන්න කිසිම ක්‍රමයක් ආණ්ඩුවටවත් අපටවත් නෑ. යම් මන්ත්‍රීවරයෙක් ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ කළොත් මිස ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීම සඳහා අපට කිසිම ක්‍රමවේදයක් නැහැ.
ඒ නිසා ද්විත්ව පුරවැසියන් අල්ලා ගැනීමට වෙනත් උපක්‍රමයක් සොයන්න ඕනෑ. සෑම මන්ත්‍රීවරයෙකුම තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් මන්ත්‍රී ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවට භාර දිය යුතුයි කියා නීතියක් පැනවිය යුතුයි

advertistmentadvertistment
advertistmentadvertistment