ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර සංස්කෘතික, සාමය හා සමාජ සමානාත්මතාවය සම්බන්ධයෙන් පැවති සමුළුව ඉස්ලාමීය ජනතාවගේ දැඩි අවධානයට යොමු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.නවදිල්ලි නුවර ඉන්දීය ඉස්ලාමික් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙය පැවැත්විණි. ඒ සදහා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් සහ ඉන්දුනීසියාවේ නීති සහ ආරක්ෂාව කටයුතු ඇමැති මොහොමඩ් මහෆුඩ් යන මහත්වරු සහභාගී වූහ. මෙහිදී දෙරට මුස්ලිම් උලමාවරුන්ගේ භූමිකාව සහ සංස්කෘතික පෝෂණය ගැන සම්මන්ත්රණ පැවැත්විණි. ආගම යනු සාමය සඳහා මූලාශ්‍රයක් බවත් එය වෙන්වීමට හෝ ගැටුම් ඇති කර ගැනීමට හේතුවක් නොවේ යැයි මොහොමඩ් මහෆුඩ් මහතා සදහන් කළේය. ඉස්ලාම් ජනතාව ත්රස්තවාදයට එරෙහි බවත් ඔවුන් සාමයට ලැදි ජනතාවක් බවත් අජිත් දෙවොල් මහතා පැවසීය. මෙම සමුළුවට සමස්ත ඉන්දීය උලමා සංගමයේ සභාපති හස්රත් සියාද් මොහොමඩ් අෂ්රෆ්, ලෝක සුෆී පදනමේ සහ සමස්ත ඉන්දීය උලමා සංගමයේ මහ ලේකම් හජ් සියාද් සල්මන් ක්‍රිස්ටි යන අයද සහභාගී වූහ. එසේම ඉන්දීය සහ ඉන්දුනිසියානු උලමාවරුන්ගේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසක් ද එක්ව සිටියහ.
|