දැඩි කොන්දේසි මත කැසිනෝ පනතට අනුමැතිය

115

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සම්මත කර තිබේ.

2023 වසරේ 09 වැනි මස 30 වැනිදා වන විට කැසිනෝ නියාමනය කිරීම සඳහා ආයතනයක් නිර්මාණය කරන බවට දුන් පොරොන්දුව සහ රජයේ අවශ්‍යතාව සලකා ඊට අනුමැතිය දුන් බව මේ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) මේ බව කීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

අපි මෙම කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග දැඩි කොන්දේසි මත සම්මත කළා. කලින් නියාමන ආයතනයක් නැතුව කැසිනෝවලට ලයිසන් දෙන්න තමා මේක ගෙනාවේ. අපි ඒකට දැඩිව විරුද්ධයි. ඊට පස්සේ අපි කිව්වා, අපි මේක දෙන්නනම්, නියාමන අධිකාරියක් කවද්ද පිහිටුවන්නේ, කවුද ඒකට වගකියන්නේ, මොනවද ඒකට තියෙන වගකීම් කියලා අපිව දැනුවත් කරන්න කියලා. ඔවුන් කිව්වා 2024 අවසන් වෙනකල් කාලය ඕන කියලා. අපි ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023.09.30 වැනිදා වෙන විට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා ආයතනයක් නිර්මාණය කරනවා කියලා දුන් පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවට මේ අනුමැතිය දීලා තියෙනවා. හැබැයි මම ඒක සභාගත කරනවා. අපි අත්සන් කරලා අරගෙන තියෙනවා. අපි දිගින් දිගටම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා, මේ අය මේක කරනවා ද කියලා. මේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න ඕනේ. ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවට තමා බලය තියෙන්නේ, ඒ බලය අනුව අපි ඔවුන්ගෙන් අත්සන් සහිතව ලේඛනයක් ලබාගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක වියයුතුමයි.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment