දැඩි නියගයත් සමග විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් ශීඝ‍්‍රයෙන් පහතට

127

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ජලාශවලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමග ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් මාවුස්සාකැලේ හා කාසල්රි යන ප‍්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැස ඇත.

ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන් හා විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාර 05 ක් සඳහා ප‍්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

අක්කර අඩි 95400 ක වපසරියකින් යුත් මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඊයේ (23 දා* වන විට පිටාර මට්ටමේ සිට අඩි 40 ක් පහත බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ ප‍්‍රකාශ කළා.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමග පැරණි මස්කෙළිය නඟරයේ ජලයට යටවී තිබූ ශ‍්‍රී කදිරේෂන් හින්දු කෝවිලේ කොටසක් මේ දිනවල දැකගත හැකිය.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment