දැනට වවලා තියෙන හැටියට ආහාර හිගයක් නොවෙනවා නම් ප‍්‍රාතිහාර්යයක් – හිටපු කෘෂිකර්ම ලේකම්

250

ජනපති කී ලෙස මං ජනතාව දැනුවත් කළා

ලේකම් ලෙස දීමනාවවත් ලැබුණේ නෑ

දැනට වවලා තිබෙන කුඹුරු, එළවළු, තේ, පොල්, රබර් වගාවන් දැක්කාම ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වෙනවාමයි. එහෙම නොවෙනවා නම් ප‍්‍රාතිහාර්යයක් වෙන්න ඕන’’ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ඊයේ (23දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

එයට අපි මුලසිටම ජනතාව දැනුවත් කළ යුතු බවත් එසේ නොමැතිව එක්වරම මාර්තු මාසයේදී වී නෑ… පොල් නැහැ… එළවළු නැහැ… කියලා කියන්න අපි අවශ්‍ය නැති බවත් ජයසිංහ මහතා කියා සිටියේය.

ආහාර සුරක්ෂිතතාවය තම පර්යේෂණවල ප‍්‍රධාන අංශය බවද කෘෂි විද්‍යාඥයෙක් ලෙස පර්යේෂණ කරලා විවිධ පති‍්‍රකා ගහලා සම්මාන ලබාගෙන ඇති බවද මේ දැනුමෙන් අපට ඊළඟට වෙන දෙයක් ගැන පුරෝකතනයක් කරන්න බැරි නම් ඉගෙන ගන්නේ කුමකටදැයි හෙතෙම කියා සිටියේය.

‘‘කාටහරි හිත රිදුණා වෙන්න පුළුවන්. කොලේ වහලා ඉන්න කෙනෙකුට කරදරයක් වෙන්න පුළුවන්. නමුත් මෙය තමයි ඇත්ත තත්ත්වය. ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔයාගේ එක යුතුකමක් ජනතාව දැනුවත් කරන එක කියලා. මං ඒක තමයි කළේ.

මම සත පහක්වත් වංචා කරලා නැහැ. අඩුම ගානේ ලේකම් ලෙස හිමිවෙන රුපියල් 50,000වත් හිමිවුණේ නැහැ. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මම කළේ.

advertistmentadvertistment
advertistmentadvertistment