දැන්වත් ඡන්දය තියන්න මැකොසට සහාය දිය යුතුයි

64

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව දැන්වත් මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මැතිවරණ කොමිසමට සහයෝගය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රංහය’ට පැවසීය.

නිදහස් පක්‍ෂය විදිහට පළාත් පාලන මැතිවරණය ඉක්මණින් පැවැත්විය යුතුයි කියන මතයේ සිටි බවත් එම නිසා මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය වැඩ කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

එම නිසා ආණ්ඩුව පැත්තෙන් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරදිය යුතු යැයි ද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment