දැන් අවශ්‍යව ඇත්තේ ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය සමග තමන් එකඟ වූ අප්රකාශිත එකඟතා ජයග්‍රහණය කරවීම බවත් ඒ සඳහා නව මානයක අවිහිංසාවාදී අරගලයක් දියත් කරලීමට අරගලය 4.0’ අරඹන ලද බවත් කළු තොප්පි ව්‍යාපාරය පවසයි.
මේ රටේ විධායක ජනපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීම ඇතුළු ගාලු මුවදොර අරගලයේ සංඛේතිය ජයග්රහණයන් දැන් අත්කර ගෙන ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ සිටිමින් කළ හැකි අරගලයක් නැති බවද ඔවුන් නිකුත් කර ඇති ප්‍රකාශයක සඳහන්වේ.
දැන් අරගලය ඇත්තේ ගාලු මුවදොර සීමිත බිම්කඩක නොව පුළුල් සමාජ දේශපාලන අවකාශයක් තුළ බවත් ඒ අනුව කළු තොප්පි (බ්ලැක් කැප්) ව්‍යාපාරය එහි දැක්වූ දායකත්වය අවසන් කරන බවත් ඔවුහු පවසති.
අප්‍රියෙල් 12 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා ගාලු මුවදොර අරගල භූමියේ සිට පාර්ශ්ව ගණනාවක් සමග පැවති සංවාද එකඟතාවලින් පසු එළිදක්වන ලද ගාලු මුවදොරින් ඔබ්බට යෝජනා මාලාවේ එම ප්‍රකාශිත එකඟතා පැහැදිලිව සඳහන් කර ඇති බවද සඳහන් කරන ඔවුහු ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජයගත යුතුව ඇති බවද සඳහන් කරති.