දැන් බස් ගාස්තුව මෙන් එකහමාරක් ඉල්ලා ගැමුණුගෙන් වාර්තාවක්

144

ආසනගත ම`ගීන් සඳහා දැනට අයකරන ගාස්තුව මෙන් එකහමාරක් අය කිරීමට අවසර ඉල්ලා ගමනාගමන කොමිෂන් සභාවට විශේෂ වාර්තාවක් අද (16 දා* ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (15 දා* පැවසීය.
 
 කොරෝනා තත්ත්වය හමුවේ ආසනගත ම`ගීන් සඳහා දැනට එකයි දශම දෙකක බස් ගාස්තුවක් අයකරන බවත් එය එකයි දශම පහ (එකහමාරක්* දක්වා වැඩිකිරීමට අවසර ඉල්ලා ඇති බවත් ඔහු කීය.
 
 ඉන්ධන සියයට 7.3 කින්, ලිහිසි තෙල් සියයට 30 කින්, ටයර් සියයට 8 කින් සහ අමතර කොටස් මිල ඉහළ යෑම නිසා බස් කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද හෙතෙම කීය.
 
 මේ අවස්ථාවේ කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන එකයි දශම පහක බස් ගාස්තු වැඩිවීම ඉල්ලා සිටියත් කොරෝනා තත්ත්වය පාලනය වීමෙන් පසු බස් ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාව පවතින බවද විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment