දැන් රටේ හැමදෙනාම එකතුවෙලා  ආණ්ඩුවේ මැතිඇමැතීන්ට එළියට බැහැපල්ලායි බලකළ යුතුයි – හිටපු ඇමැති විමල් වීරවංශ

227

මම දන්නේ නැහැ, අපේ කාලයේ නොවෙයි කියා නායකයින්ට අහක බලන්න බැහැ

ගඳ සුවඳ, කන් ඇහෙන් නැති, ඇස් පේන්නැති අඳුරු ඉරණමකට මේ ආණ්ඩුව ඇද වැටිලා යැයි හිටපු කර්මාන්ත ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

එහෙම ආණ්ඩුවකට මේ වගේ තත්ත්වයකින් රට බේරගන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තියෙන්නේ හැමෝටම ගඳ සුවඳ දැනෙන කන් ඇහෙන ඇස් පෙනෙන අයට එකතුවෙලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත්කරලා නව ගමනකට මුලපුරන්න ඕන කියලා. එහෙම නැතුව මේගොල්ලන්ට මෙහෙම පණ ඇද ඇද මේ රට විනාශ කරන්න ඉඩ දිය යුතු නෑ යැයිද විමල් වීරවංශ මහතා කියා සිටියේය. එක්කෙනෙක් කියනවා ගිය 05 වැනිදායින් පස්සේලයිට් කැපෙන්නේ නෑ කියලා, මන් දන්නෑ තාම 05 වැනිදා උදාවුණේ නැද්ද කියලා, බලශක්ති ඇමැති කියනවා ඕන තරම් තෙල් තියෙනවා කියලා, ආයි අද කියනවා ඞීසල් නෑ. පෝලිමේ ඉන්න එපා කියනවා යැයිද ඒ මහතා සඳහන් කළේය.

දැන් රටේ හැමදෙනාම එකතුවෙලා  ආණ්ඩුවේ මැතිඇමැතීන්ට එළියට බැහැපල්ලායි බලකළ යුතුයි - හිටපු ඇමැති විමල් වීරවංශ

ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 11 නායකයන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමගීර ධර්ම මහා සංඝ සභාවේ මහනායකආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

දැන් බලන්න ඉන්දියාවෙන් ලැබුණ තෙල් බාලයි කියලා රියැදුරන් කියනවා. දෙයියනේ මිත‍්‍රයෙක් නම්, උදව් කරනව නම්, මේ වගේ වෙලාවට බාල තෙල් එවලද ඒ උදව්ව කරන්නේ?. අනික ඒව ගන්නේ ණයට. ඒ මුදල් අපි ගෙවන්න ඕන. ඒත් දෙන්නේ බාල තෙල්. මේ රටේ වාහනවල එන්ජින් ටික විනාශ වෙනවා. පුදුම අසරණයි.

මම කියන්නේ පාලකයන්ට අයිතියක් නෑ තමන් බාරගත්ත රටක් මෙහෙම අසරණ කරන්න. පාලකයෝ කියන්නේ බාරකාරයෝ. බාරකාරයෝ කියන්නේ තමන් බාරගත්තට වඩා හොඳට රට බාර දෙන්න ඕන. නැතුව මේක මම ඇති කරපු අර්බුදයක් නෙමෙයි කියලා මග අරින්න, කර අරින්න කාටවත් බෑ. තමන් වග කියන්නේ තමන් ඇති කරපු අර්බුදවලට විතරද?. අතීතයෙන් එන අර්බුදවලට මේ මොහොතේ එකට මුහුණදීල ජයගත යුතු නැද්ද. මම නෙවෙයි, මගේ අර්බුදයක් නෙමෙයි කියලා ඇඟ බේරගන්න, අතහෝදගන්න

පුළුවන්ද. එහෙම කල්පනා කරන එකම තමයි මේකේ තියෙන භයානකකම. මම නෙවෙයි කළේ අනිත් අය කළේ ඒ හින්ද මට කරන්න දෙයක් නෑ කියල එහෙම හිතන එකම තමයි නරකම දේ. ඒ නිසා අපි හිතනවා තවදුරටත් අපි මේ රටේ මිනිස්සු මේක ඉවසා දරා සිටිය යුතු නැහැ. අපි මේ ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමැතිටම රටේ මිනිස්සු මොන විදිහකින් හරි කියන්න ඕන බැහැපල්ල එළියට කියලා. අපි හැමෝම එකතුවෙලා හදපු ආණ්ඩුව, මේ එකතු වෙලා විනාශ කරන්නේ, මේක මෙතනින් වෙනස් කරන්න උඹල

පුරෝගාමිත්වය ගනින්, නැත්තං අපි පැත්ත පළාතකට එන්න දෙන්නෑ කියන පණිවුඩය දෙන්න ඕන. ඒක තමයි කළ යුත්තේ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment