‘‘දැන් සැපද’’ අසා කොට උඩගිය බිස්නස් එක

407

‘‘මුදලාලි මොනවද තියෙන අලූත් එළවළු…’’ සිනාමුසු මුහුණින් එළවළු වෙළෙද සැලට ගොඩවූයේ මැදිවිය පසුකර යමින් සිටි මහත්මයෙකි.

‘‘ආ මහත්මයා ඔක්කොම අලූත් එළවළු තමයි. එන්න එන්න’’ මුදලාලිද ගනුදෙනුකාර මහත්මයා පිළිගත්තේ ඒ ආකාරයටය.

අල, ලූනු, අමුමිරිස්, ගෝවා, වැටකොළු, බෝංචි ආදී එළවළු සැලකිය යුතු ප‍්‍රමාණයක් තෝරාගත් ඒ පුද්ගලයා එළවළු තොගය අඩංගු භාජනය වෙළෙ`දසැලේ කොලූවකුට ලබාදී පසෙකට විය.

‘‘සර්… බෝංචි නම් ගණන් ඔක්කොම ටික දාන්නද ’’ කොලූවා ඇසුවේ මුළු එළවළු ප‍්‍රමාණයම එකතුවී ගණන හැදෙන විට කොයි කාටත් තරු පෙනෙන බව දන්නා නිසාය.

කොහොමින් කොහොම හරි ඒ මහත්මයා තෝරාදුන් එළවළු ඉලෙක්ට්‍රොනික තරාදියෙන් බෑග් එකකට දමා කොලූවා ගාණ එකතු කරන මුදලාලි දෙස බලා සිටියේය.

‘‘මහත්මයා ගාන 2750 යි.’’ මුදලාලි බිල්පත ගෙන දික් කළේය.

මුදලාලි ගාන වැරදුනාද? මම ගත්තෙ පොඞ්ඩනෙ’’ මහත්මයා කීවේ නළලත රැළි නැගෙන අතරය.

‘‘අහන්න තියෙන්නෙ දැන් ෂැපද කියලා තමයි’’ මුදලාලි කීවේ සිනාසෙමිනි.

එසැණින් එළවළු මල්ලද දමා ඒ මහත්මයා ආපසු යන්නට හැරුණේ මුහුණ කළු කරගනිමිනි.

‘‘කවුද ඒ මහත්තයා මොකද හොඳටම කේන්ති ගියේ.’’

මුදලාලි එයා තමයි මේ පැත්තේ මන්ත‍්‍රීතුමාගේ පස්සෙන් ගිය පාරවල් හදන කොන්ත‍්‍රාත් මුදලාලි. දැන් ෂැපද කියලා ඇහුවම ඒ මහත්තයට ඌරුජුවල් යනවා. බිස්නස් එක නොකෙරුනත් මුදලාලි බඩ අල්ලන් සිනාසුනේ ‘‘දැන් ෂැපද ’’ නැගලා ගිය නිසාය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment