දැයේ දූ දරුවන්ගේ මහ මඟ ආරක්ෂාව උදෙසා අලියාන්ස් ලංකා විසින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කරයි

46

ජාතියේ අනාගතය වන ශ්‍රීලාංකේය දැරියන් හට ජීවිත අභියෝගයන් සහ විවිධාකාර විපත්වලින් ආරක්ෂිතව, සුරක්ෂිත පරිසරයක, හැදී වැඩීමට අවකාශය තිබිය යුතු බව අලියාන්ස් ලංකා හි විශ්වාසයයි. එමගින් ඔවුන් හට සෑම අවස්ථාවකම ගවේෂණශිලී වීමට මෙන්ම ඔවුන්ගේ සිහින හඹා යාමට හැකියාව ලැබෙනු ඇත. අලියාන්ස් ශ්‍රීලංකාහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අපගේ දරු දැරියන් සඳහා තිරසාර අනාගතයක් සහතික කිරීම උදෙසා අවැසි සහයෝගය ලබා දීමයි. මෙම කර්තව්‍යයේදී අපගේ අවධානය යොමු වූ කරුණක් වූවේ කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි දරු දැරියන් ගණනාවක් ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරව මෙන්ම වෙනත් ප්‍රමාණවත් ආරක්‍ෂිත උපක්‍රමවලින් තොරව යතුරුපැදිවල පසුපැදිකරුවන් ලෙස ගමන් කිරීම වර්ධනය වන බවය. මේ පිළිබඳව සිදු කරනු ලැබූ අධ්‍යයනයන් සහ සමීක්ෂණයන් තුළින් හෙළිදරව් වූවේ ග්‍රාමීය ප්‍රදේශයන්හිද මෙම තත්ත්වය වැඩි අගයක් ගන්නා බවය. ආරක්‍ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරවයතුරු පැදියක ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙන්ම අනතුරකදී මාරාන්තික තුවාල ලැබීමටද හේතු වේ.

ශ්‍රීලංකාවේ මගා මාර්ගයන්හි, දරු දැරියන් අවදානමට ලක් විය හැකි කණ්ඩායමක් වන බව වටහා ගත් අලියාන්ස් ලංකා විසින්, මහා මර්ගයන් හි දරු දැරියන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම උදෙසා වන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලදියි. ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස් වැසුම් 1,200 පරිත්‍යාග කිරීම තුළින් අලියාන්ස් ලංකා මෙම අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන අතර ඒ අනුව දිවයින පුරා ස්ථාන 24 කදී 2022 නොවැම්බර් මස 23, 25 සහ 28 යන දිනයන්හි දරු දැරියන් සඳහා ආරක්‍ෂිත හිස්වැසුම් පරිත්‍යාග කිරීම සිදු විය. මෙම ප්‍රයත්නය තුළින් අලියාන්ස් ලංකා හි සමාජමය ක්‍රියාවලීන් වෙත දායකත්වය ලබා දීම සිදුවන අතරම එමගින් සමාජ අන්තහ්කරණය සහ සමාජ අභිවෘද්ධිය ළඟා කර ගැනීමට බලාපොරොත්තු වේ.

එම පියවර පිළිබඳ සිය අදහස් දක්වමින් ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ, ජීවිතවලට සම්බන්ධ වටිනා දේවල් ආරක්ෂා කර දීම අපගේ වගකීමක්. මේ හැමදේම අතරින් අපිට වඩාත් වටින්නේ අපගේ දරුවන්. වර්තමානයේදී දරුවන්ගේ ජීවිත වලට දැඩි අවධානමක් එල්ල වී ඇත්තේ මහමග ගමන්කිරීමේදියි. ළමයින් සම්බන්ධ මාර්ග අනතුරු අපට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන අවාසනාවන්ත තත්වයක්. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු මෙන්ම රක්ෂණ නිලධරයෙකු ලෙස, අපගේ දරුවන් ආරක්ෂා කිරීම අපගේ සමාජ වගකීමක් බව අප සෑම විටම විශ්වාස කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment