දැරියකට අතවර කළ මවගේ දෙවැනි සැමියා අත්අඩංගුවට!

753

සැකකරුගේ පුතාට දැරිය හැමදේම කියලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියකට අවස්ථා කිහිපයක දී ලිංගික අපයෝජන කළ පුද්ගලයකු පෙරේදා

(23 දා) අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වින්දිත දැරියගේ මවගේ දෙවැනි සැමියා වන හතළිස් හත් හැවිරිදි අයෙකි.

මෙම වින්දිත දැරිය, සිය මව, සහෝදරිය, මවගේ දෙවැනි සැමියා සහ ඔහුගේ පළමු විවාහයේ පිරිමි දරුවා සමග 2017 වසරේ සිට එකට පදිංචිව සිටින අතරවාරයේ, මවගේ දෙවැනි සැමියාගේ පිරිමි දරුවා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන එම නිවසින් පැන ගොස් තිබූ බව පොලිසිය කියයි.

පෙම්වතාගේ පියා වයස අවුරුදු 13 දී තමාට ලිංගික අපයෝජනයක් සිදු කළ බවට අදාළ දැරිය විසින් තම පෙම්වතාට දැනුවත් කිරීමෙන් අනතුරුව මව විසින් පෙරේදා (23 දා) තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ. අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වින්දිත දැරියට, වයස අවුරුදු 13 සිට අවස්ථා කීපයකදී සැකකරු (මවගේ දෙවන සැමියා) විසින්

ලිංගික අපයෝජනය සිදුකර ඇති බවත්, එම දැරියට මේ වනවිට වයස අවුරුදු 18ක් බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (24 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජේ අතුකෝරල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment