දැරියකට පාඩම් කියාදීමට කැඳවාගෙන ගිය දඹුල්ලේ සිසුවිය අතවර කර මරා දමලා – අක්කාගේ මිතුරිය හා අනියම් සැමියා අතුරුදහන්

2693

දඹුල්ල අතුපාරයාය ප‍්‍රදේශයේ පාඩම් කියාදීමට කියා කැඳවා ගෙන ආ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට අතවර කර අභිරහස් ලෙස ඝාතනය කර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දඹුල්ල අතුපාරයාය ප‍්‍රදේශයේ පදිංචි සහෝදර සහෝදරියන් පස්දෙනකුගෙන් යුතු පවුලක 14 හැවිරිදි බුද්ධිමා පි‍්‍රයමාලි නමැති දැරිය බව පොලිසිය පවසයි.

දැරියකට පාඩම් කියාදීමට කැඳවාගෙන ගිය දඹුල්ලේ සිසුවිය අතවර කර මරා දමලා - අක්කාගේ මිතුරිය හා අනියම් සැමියා අතුරුදහන්

විමර්ශන වලින් හෙළි වී ඇති අන්දමට මෙම දැරිය ඝාතනයට ලක්ව ඇත්තේ ඉකුත් 06 වැනිදා උදේ වරුවේය.

දැරියගේ සිරුර අතුපාරයාය ප‍්‍රදේශයේ පාළු නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ පෙරේදා (09 දා) සවස් කාලයේදීය.

දැරියගේ සිරුර සොයාගන්නා විට එය දැඩි ලෙස කුණු වී විකෘති වී තිබූ අතර ඇගේ සිරුරේ ඇඳුම් සියල්ල ඉවත්කර තිබූ බව පොලිසිය පවසයි.

දැරියකට පාඩම් කියාදීමට කැඳවාගෙන ගිය දඹුල්ලේ සිසුවිය අතවර කර මරා දමලා - අක්කාගේ මිතුරිය හා අනියම් සැමියා අතුරුදහන්

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම අපරාධය සිදුකර ඇත්තේ ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ ළඟම මිතුරියගේ අනියම් සැමියා විසින්ය.

එම සැකකරු මේ වනවිට ප‍්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරිය 25 හැවිරිදි වියේ පසුවන අතර ඇගේ සමීපතම පාසල් මිතුරිය බව කියන ගයාත‍්‍රී නමැති කාන්තාව මීට වසර කීපයකට පෙර දඹුල්ල අතුපාරයාය ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත.

ඒ වනවිට එම කාන්තාව නීතයානුකූල සැමියාගෙන් වෙන්වී වෙනත් පිරිමියකු සමඟ මෙම ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණ සිටියාය. ගයාත‍්‍රිගේ මුල් කසාදයේ 8 හැවිරිදි දියණිය ද ඇය සමඟ මෙම නිවසේ පදිංචි වී සිට ඇත.

ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමඟ සමීප සබඳතා පැවැත්වූ ගයාත‍්‍රි ඔවුන්ගේ නිවසට නිතර යන්නට එන්නට පටන්ගෙන ඇත.

මෙම පවුල් දෙක ඉතාම සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන් එකට විනෝද චාරිකා පවා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඉකුත් 06 වැනිදා උදේ 7.30 ට පමණ ගයාත‍්‍රිගේ අනියම් සැමියා 6 හැවිරිදි දියණිය ද සමඟ යතුරු පැදියෙන් ඝාතනයට ලක්වූ බුද්ධිමාගේ නිවසට පැමිණ ඇත.

දැරියට පාඩම් කියාදීමට තම නිවසට කැඳවාගෙන යාමට පැමිණ බව ගයාති‍්‍රගේ අනියම් සැමියා එහිදී පවසා තිබේ.

ඒ අවස්ථාවේ බුද්ධිමා පවසා ඇත්තේ තමාට එදින සවස 3.30 ට ඔන්ලයින් පන්තියක් තිබෙන බවයි.

ඔන්ලයින් පංතිය ආරම්භ වීමට පෙර ආපසු නිවසට ඇරලවන බව ගයාත‍්‍රිගේ සැමියා පවසා ඇත. පසුව බුද්ධිමා ඔවුන් සමඟ යතුරුපැදියේ නැගී ගයාත‍්‍රි පදිංචි කුලී නිවස වෙත ගොස් තිබේ.

එදින සවස් කාලය වනතුරු බුද්ධිමා නිවසට නොපැමිණීම නිසා ඇගේ මවුපියන් ගයාති‍්‍රගේ නිවසට ගොස් ඇත. එහිදී ඔවුන් දැක් ඇත්තේ නිවසේ කිසිවකුත් නොමැති බවය. තම දියණියද සමඟ ගයාත‍්‍රි කොහේ හෝ යන්නට ඇති බව සිතූ මවුපියන් ආපසු නිවසට ගොස් තිබේ.

ගයාති‍්‍රගේ සහ ඇගේ අනියම් සැමියාගේ ජංගම දුරකථන වලට ඇමතුම් ලබාගත්ත ද ඒවා විසන්ධි කර තිබිණි.

බුද්ධිමා අතුරුදන්වූ දිනට පසු දින එනම් 07 වැනිදා ඇගේ පවුලේ සාමාජිකයන් කිසියම් අවශ්‍යතාවක් සඳහා වෙනත් ප‍්‍රදේශයකට ගොස් ඇති අතර ඇය පිළිබඳව සොයා බලා නොමැත.

පසුගිය 08 වැනිදා ද බුද්ධිමා නිවසට නොපැමිණි නිසා ඇගේ මවුපියන් ගයාත‍්‍රිගේ මහගෙදරට ගොස් ඔවුන් පිළිබඳව විමසා ඇත. ගයාත‍්‍රි සහ ඇගේ අනියම් සැමියා කලින් පදිංචිව සිටි කුලී නිවසට ද ගොස් සොයා බලා ඇතත් ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැත.

බුද්ධිමාගේ මව විසින් තම දියණියගේ අතුරුදන්වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ 08 වැනිදායි.

ඒ අනුව පොලිස් කණ්ඩායම් ගයාත‍්‍රි පදිංචිව සිටි කුලී නිවස පරීක්‍ෂා කිරීමේදී ඉන් කුණු ගඳක් වහනය වී ඇත.

එහිදී පොලිස් නිලධාරීන් නිවසේ ජනේලයක් කඩා පරීක්‍ෂා කිරීමේදී කාමරයක් තුළ ඇඳක් මත රෙදි වලින් ඔතා තිබූ මළ සිරුර දැක තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම නිවසේ දොරවල් කඩා ඇතුළු වී පරීක්‍ෂා කිරීමේදී ඇඳක් මත ඝාතනය කර තිබූ බුද්ධිමාගේ නිරුවත් මළ සිරුර සොයාගෙන ඇත.

ගයාත‍්‍රි නමැති කාන්තාවගේ අනියම් සැමියා විසින් බුද්ධිමා දැරිය රැගෙන ගොස් නිවසේදී අතවර කර ඇය ඝාතනය කර පලායන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණ යටතේ දඹුල්ල වැඩබලන මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් පුළුල් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, දඹුල්ල සරත් එරමිණිගම්මන

advertistmentadvertistment
advertistmentadvertistment