දැරියක් දූෂණය කොට මරා පැන යයි

23


තලෙයිමන්නාරම ප්‍රදේශයේදී අවුරුදු නවයක දැරියක් දූෂණය කොට මරා දැමූ අබ්දුල් රහ්මාන් හෙවත් කන්දිය විජයන් නැමති සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී ඊයේ (02 දා) පලා ගොස් ඇත.

මීට මාස තුනකට ඉහතදී සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුව අත් අඩංගුවට ගෙන වවුනියාව බන්ධනාගාරයේ රදවා සිටියදී හදිසියේම ඔහු අසනීප වීම නිසා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී පලා ගොස් තිබේ.

පලාගිය සැකකරුව තවමත් අත් අඩංගුවට ගැනීමට නොහැකි වු නිසා පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන් ඔහුව සොයා ගැනීම සදහා මහජන සහය පතා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment