දැරියක අපයෝජනය කළ කුරුක්කල් අත්අඩංගුවට ගන්නැයි කෝවිල ඉදිරිපිට උද්ඝෝෂණයක්

354

වයස අවුරුදු 15ක දැරියක් කෝවිලේ අභ්‍යන්තර කුටියකට රැගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනය කර මේ වනවිට සැ`ගව සිටින කුරුක්කල් වහා නීතියේ රැුහැනට හසුකරන්නැයි බල කරමින් ප‍්‍රදේශවාසී ජනතාව හා විවිධ වෘත්තිකයන් පිරිසක් කුලියාපිටිය බෝහිංගමුව ප‍්‍රදේශයේ පිහිටි අදාළ කෝවිල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

දැරියක අපයෝජනය කළ  කුරුක්කල් අත්අඩංගුවට ගන්නැයි කෝවිල ඉදිරිපිට උද්ඝෝෂණයක්
දුටුවැවේ ලංකානන්ද හිමි සහ කොට්ඨාසයේ මන්ත‍්‍රී ඉන්ද‍්‍රජිත් සිසිර කුමාර යන අය අදහස් දක්වමින්

එමෙන්ම දහසකුත් එකක් විරෝධතා මැද එවක කිසිදු ද්‍රවිඩ ජාතිකයින් නොමැති පරිසරයක පවත්වාගෙන යන අපචාර සිදුකළැයි කියන හින්දු කෝවිල වහා තහනම් කරන ලෙසටත් බලකරමින් ප‍්‍රදේශවාසීන් ඊයේ(02* එලෙස විරෝධතා පුවරුද සහිතව උද්ඝෝෂණයේ නිරතවූ අතර ඊට මහා සංඝරත්නය, පෙරපාසැල් ගුරුවරියන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

එමෙන්ම හෙට්ටිපොල පාරේ කෝවිලේ හටගෙන තිබූ මතබේදාත්මක තත්වයකින් පසුව එතැනින් බෙදී පැමිණි පූසාරිවරයා නව කෝවිල තනවා පුද පූජා කටයුතු පවත්වාගෙන ආ බවත් එවක පටන් පැවති දැඩි විරෝධය මධ්‍යයේ නිලධාරීන් එම කෝවිල කෙසේ අනුමත කළාද යන්න අදටත්

ගැටළුවක් බව උද්ඝෝෂකයෝ පැවසූහ. එමෙන්ම ඉදිකිරීම ආරම්භ කළ අවධියේ හා යෝජිත අවධියේ පටන් ප‍්‍රදේශවාසීන් බලධාරීන්ට යවන ලද හා පිළිතුරු ලිපි රැුසක්ද ගෙනහැරපාමින් එසේ පැවසූහ.

එමෙන්ම එල්ල වන විරෝධය මගහරවාගැනීම පිණිස අදාළ කෝවිල ඉදිරිපිට බුදු පිළිමයක් තැන්පත් කර ඇති අතර එවැනි ස්ථානයක බුදු පිළිමයක් තැබීම පිළිබ`දවද ප‍්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර එය වහාම වෙනත් සුදුසු පරිසරයකට වැඩමවීම සිදුකළයුතු බවද අරැුස්ව සිටි පිරිස යෝජනා කළහ.

පෙරපාසැල් ආචාර්යවරුන්ද කියාසිටියේ තම දුවා දරුවන් හුදකලාව කිසිම ස්ථානයකට යැවීමට සුදුසු කාලය මෙය නොවන බවයි. එමෙන්ම මිත්‍යා විශ්වාස පසුපස හඹා

නොගොස් තම දුවා දරුවන්ගේ අනාගතය සුඛිත මුදිත කරගැනීම දෙමාපියන් සතු යුතුකමක් බවද පැවසූ ඔවුන් දින දෙකක් නොදරුවෙකු දේව කුටියට ගෙන සිදුකර ඇති පාපතර ක‍්‍රියාවට දැඩි ද`ඩුවම් පමුණවන ලෙස ඉල්ලා සිටියහ.

විශාල පිරිසක් එම උද්ඝෝෂණය ස`දහා සහභාගීව සිටි අතර දැඩි විරෝධතා මධ්‍යයේ සිංහල ගමක ඉදිකළ අපචාර ස`දහා භාවිතා කළ කෝවිල වසා දැමීම වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බවද ඉදිරියේදී නිරෝධායන නීති ලිහිල් වූ කලෙක මෙම විරෝධය සිය දහස් ගුණයකින් සිදුකිරීමට අපේක්‍ෂා කරන බවද එහිදී උද්ඝෝෂකයෝ පැවසූහ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment