දැරියක දූෂණය කර මරා දැමීමට එරෙහිව දිල්ලි නගරයේ දැවැන්ත උද්ඝෝෂණ

432

ඉන්දියාවේ දිල්ලි නගරයේ 09 හැවිරිදි වියෙහි පසු වූ ගැහැණු දරුවකු දුෂණය කර මරා දැමීමේ හා ඇයගේ දේහය බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ සිද්ධියකට එරෙහිව දිල්ලි නගරයේ දැවැන්ත මහජන උද්ඝෝෂණයක් දියත් කර තිබේ .ඉන්දියාවේ දලිට් නමැති ජන කොටසට අයත් මිය ගිය දැරිය දුෂණය කර මරා දැමීම කණ්ඩායමක් විසින් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර එම සිද්ධියට සම්බන්ධ වූ ප‍්‍රධානතම සැකකරු වන හින්දු පුජකවරයා පොලිසිය විසින් මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ .

 දිල්ලි නගරයේ ආදාහනාගාරයකට අයත් ජල කරාමයකින් පානය සඳහා ජලය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී මරා දැමු දැරියට හින්දු පුජකවරයා හා තවත් තිදෙනකු විසින් පහර දී ඇති බවත් අනතුරුව සාමුහිකව ඔවුන් විසින් දැරියව දුෂණය කර ඇති බව ඇයගේ මව පවසා ඇත .මෙම දුෂණ සිද්ධියට එරෙහිව දින හතරක් තිස්සේ දිල්ලි නගරයේ උද්ඝෝෂණ පැවැත්වේ.


advertistmentadvertistment
advertistmentadvertistment