දැරියක දූෂණය කළ විත්තිකරු නඩු තීන්දුවට පෙර දිවි නසා ගනී:

398

නඩුව අවසන් කරන්න උසාවිය තීන්දු කරයි

බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ලබා සිටි 66 හැවිරිදි විත්තිකරුවකු නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර එල්ලී මියගොස් ඇති නිසා නඩුව විභාග කළ දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා පෙරේදා (13 දා) නඩුව අවසන් කළේය.

රත්ගම පොලිස් වසමේ බූස්සේ දී 2014 .11. 12 වැනිදා සිට 2015 11. 11 අතර කාලයේ දී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් තිදරු පියකු වූ මෙම විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.

නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රත්ගම පොලිසියේ සැරයන් සුනිල් (53457) මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් විත්තිකරු ඉකුත් ඔක්තෝබර් මස 25 වැනිදා එල්ලී සිය දිවි නසා ගෙන ඇති බව කියා සිටියේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා නඩුව අවසන් කළේය.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment