දැරියගේ ඇඬිල්ලට නරුමයා මෙල්ල වෙලා!

763

දහවන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 මාස 09 වයසැති දැරියක් පෞද්ගලික නිවාඩු නිකේතනයකට රැගෙනගොස් අතවරකිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

දුරකථනයකින් හඳුනාගත් දැරියගේ පෙම්වතා ඇයට මොනරාගල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී ඇත. ඒ අනුව උපකාරක පන්තියකට යන බව පවසමින් 2023 පෙබරවාරි මස 26 වෙනි දින නිවසෙන් පිටවගොස් තරුණයා හමුවී ඇත.

ඔහු විසින් දැරියව ත්‍රිවීල් රථයකින් මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් ඇති අතර දැරිය උස්හඬින් හැඬීමට පටන්ගත් නිසා නැවත ඇයව මොනරාගල නගරයට ගෙනැවිත් බස්සවා ඇත.

සිද්ධිය පිළිබඳව දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව මොනරාගල පොලිසියට පැමිණිලිකර ඇත. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබේ. මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment